පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනෙකුට කොවිඩ්- 19 වෛරසය ආසාදනය වී තිබේ.
පී.සී.ආර් පරීක්ෂණ මගින් මේ බව තහවුරු වීමත් සමඟ ප්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත ඊයේ (02) යොමුකර තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ පවසයි.
රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන විට මහනුවර පැරිණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහා සිටි නිලධාරීන් තිදෙනෙකුට හා රැඳවූවන් 182 නෙකුට පමණ කොවිඩ් ආසාදනය වී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසයි.