ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නෞකා 4ක් කුණාටු අනතුරු ඇඟවීමත් සමග මුහුද මැදට දියත් කළ බව ත්‍රිකුණාමලය වරායේ නෞකාධිපති කපිතාන් ශ්‍රියන්ත අරම්පත් මහතා පැවසීය.
බුරවි සුලිකුණාටුව ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් රටට ඇතුළු වන බවට කළ අනතුරු ඇඟවීම හේතුවෙන් මුහුදේ නැංගුරම්ලා තිබෙන නැව්වලට එවැනි අවස්ථාවක අනතුරුදායක තත්ත්වයක් මතුවන හෙයින් එම නෞකා මුහුද මධ්‍යයට පිටත් කළ බව ඔහු සඳහන් කළේය.
එසේ වුවද වරාය පර්යන්තයට පිවිස ඇති යාත්‍රා එම ස්ථානවලම නවතා තිබෙන අතර ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන විශාල රුසියානු යුධ නෞකා තුනක්ද වරායේ රඳවා තිබෙන බව කපිතාන්වරයා සදහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 4ට නිකුත් කළ නවකළ නවතම රතු නිවේදනයට අනුව සඳහන් කර ඇත්තේ මෙම බුරවි සුලිකුණාටුව බටහිර හා වයඹ ත්‍රිකුණාමලයටත්, පේදුරුතුඩුව අතර මුලතිව් ප්‍රදේශයට ආසන්නයෙන් අද පස්වරු 7-10 ත් අතර කාලය තුළ ඇතුළු විය හැකි බවය.
එම කුණාටුව බෙංගාල බොක්කේ සිට බටහිර සිට වයඹ දෙසට ගමන් කරන ලකුණු පෙන්නුම් කරන අතර ඒ අනුව ඉහත කී ප්‍රදේශවලට බලපෑම් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැනට නිරීක්ෂණය කර ඇති ආකාරයට පැයට කිලෝමීටර් 80-90ත් අතර වේගයකින් යුත් සුළං සමග මෙම කුණාටුව පැමිණීමට ඉඩ ඇති අතර හෙට උදෑසන වන විට වයඹදිග වෙරළ තීරය හරහා එය ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගමන් කිරීමට ඉඩ ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම තත්ත්වය මත මීටරයකට වඩා උසින් මුහුදු රැල්ල බලපෑමක් එල්ල විය හැකි බැවින් ඒ හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ දක්වාත් පුනරින් සිට පුත්තලම දක්වා මුහුදුබඩ ප්‍රදේශවල රළ ගොඩබිම දෙසට පැමිණිය හැකි බවත් අනතුරු ඇඟවීය.