පරිභෝජනයට නුදුසුදු පොල්තෙල් මෙට්රික් ටොන් 8000ක් පසුගිය 23 දා රාත්රියේ නිදහස් කරගෙන ඇති බව පාරම්පරික පොල්තෙල් නිශ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා ප්රකාශ කරයි.
සීනි ආනයන බදු වංචාවට ප්රධාන වශයෙන් චෝදනා ලබන ආනයනකරු විසින් පොල්තෙල් බදු සහනය ලබාගෙන මෙම පිරිපහදු නොකළ පොල්තෙල් තොගය ගෙන්වා ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.
පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අන්තර්ගත පොල්තෙල් සහිත කන්ටේනර් ප්රති අපනයනය කිරීමට පියවර ගන්නා බව පැවසුවත් පවතින නීතිමය තත්වයන් වෙනස් නොකර එලෙස ප්රති අපනයනය කළ නොහැකි බවත්, පාරම්පරික පොල් තෙල් නිශ්පාදකවරුන්ගේ සංගමය කියයි.