අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මානව හිමිකම් කවුන්සිලයේ පදනම් විරහිත ඇඟිලි ගැසීම රජය ප්‍රතික්ෂේප කරනවා”- ඇමති දිනේෂ්

by Lanka Sara Editor
මාර්තු 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මානව හිමිකම් කවුන්සිලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්කළේ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම පිළිබඳව අද (25) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමිනි.

රටේ දේශපාලන ස්ථාවර බවත් , ආර්ථික ස්ථාවර බවත් පවත්වා ගනිමින් රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම්වල ප්‍රගතිය ආරක්ෂා කිරීම සඳහා කැපවීමෙන් යුතුව රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ, මානව හිමිකම් කොමසාරිස්වරිය වූ මිෂෙල් බැච්ලේ ශ්‍රී ලංකාවට ‍එරෙහිව ඉදිරිපත් කළ වාර්තාව කොටස් 02ට බෙදිය හැකි බවයි. කොටි සංවිධානය සමග පැවති ගැටුමේදී ඔවුන් පරාජය වූ සමයේ නැති වූවේ යැයි කියන ජීවිත පිළිබඳ විභාග කිරීම සඳහා ඇති පැමිණිලි සහ පසුගිය රජය විශිෂ්ඨ ලෙස පරාජයට පත් කර රටේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය රැක දීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සම්බන්ධ විවේචන ලෙසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටක අභ්‍යන්තරය පිළිබඳව මානව හිමිකම් කොමිසමකට අදහස් දැක්විය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය අස්ථාවර කිරීම උදෙසා විරුද්ධ පක්ෂයේ යම් යම් උදවිය ඉදිරිපත් කළ කරුණු මෙම මානව හිමිකම් කොමිෂන් වාර්තාවේ පිටුවල සඳහන් වන බවත් කෙතරම් ඒකාබද්ධ ලෙස මෙම කටයුතු කර ඇත්දැයි මෙමගින් පැහැදිලි වන බවද කීය.

රටේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමට රජය ගත් පියවර පිළිබඳව නොදැන ඒ පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරිය වාර්තා කර ඇතැයිද ලොව කොවිඩ් වසංගතය කළමනාකරණය කළ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම ඇති බවත් එහෙත් මේ පිළිබඳව හෝ නොතකා එක්සත් ජාතින්ගේ මහලේකම්වරිය චෝදනා කරන බවද කීය.

පසුගිය රජය පළාත් සභා ක්‍රමය සංශෝධනය කිරීමට පනතක් ගෙනා බවත් මෙමගින් ඡන්දය පැවැත්වීමට නොහැකි තත්වයක් උදාවන බව එදා විපක්ෂයේ සිටිමින් පැවසුවද එම යහපාලන රජය පළාත් සභා ඡන්ද ක්‍රමය සංශෝධනය කළ බවද කීය. හිටපු ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති මතභේද හේතුවෙන් රට තව තවත් අවුල් ජාලාවකට පත් වූ බවත් සඳහන් කළේය.ඒ අනුව මෙම පළාත් සභා ඡන්ද ක්‍රමය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් ඇති බවත් මෙය නිවැරදි කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැහැදිළි ජනවරමක් ලැබුණු බවත් පැවසූ විදේශ අමාත්‍යවරයා ඒ අනුව රජය කටයුතු කරන බව කීය.

රට රටවල් සමග මතභේද තිබුණද, විදේශ අමාත්‍යංශය පමණක් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය මනා දේශපාලන සබඳතාවක් ගනිමින් එම රටවල් සමග කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිභෝජනයට නුසුදුසු තවත් පොල්තෙල්  නැවක් මුදා හැරලා…

Next Post

ලුණුගල අනතුරින් තනිවුණු පැටවු තිදෙනාට පිය සෙනෙහස දෙන ඉසිවර වෙදැදුරු 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.