සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
අද(28) දහවල් 2.08ට Pq555 දරණ ස්කයිඅප් ගුවන්යානයෙන් මෙම පිරිස පැමිණියහ.
යුක්රේනයේ කීව් (kiev) නුවරසිට යුක්රේන සංචාරකයෝ 186දෙනෙකු රැගත් යානය මත්තල ගුවන්තොටුපලට ළඟා විය.
එම සංචාරකයන් අතර යුක්රේන ජාතික දරුවන් 29දෙනෙකු සිටියහ.