උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව දුම්රිය ස්ථානය අතර ගැටදිවුල ප්රදේශයේ දී අද (28) උදෑසන වල් අලියෙක් දුම්රියේ ගැටුනේය.
කොළඹ සිට අනුරාධපුරය බලා භාණ්ඩ රැගෙන එමින් තිබූ දුම්රියේ ගැටුන මෙම අලියා පැය කීපයකට පසු මිය ගොස් ඇත.
මීට පෙරද අවස්ථා කීපයකදීම මෙම ස්ථානයේ දීම දුම්රියේ ගැටී වල් අලි මියගොස් තිබේ.