බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…

  ලෝකයේ ලොකුම එන්නත් ෆැක්ටරිය ඔවුන්ගේයි...

by editor
ජනවාරි 28, 2021
in පුවත්
ආදර් පුනාවාලා කොවිෂීල්ඩ් එන්නත සමග...

ආදර් පුනාවාලා කොවිෂීල්ඩ් එන්නත සමග...

Share on FacebookShare on Twitter
  • 1946 දි පටන් ගන්නෙ අශ්ව අභිජනන මධ්‍යස්ථානයක්…
  • 1966 අශ්ව රුධිරයේ සීරම කොටසින් එන්නත් හදන ව්‍යාපාරයක් ආරම්භ කළා
  • දැන් ලෝකයේ ලොකුම එන්නත් ෆැක්ටරිය… අවුරුද්දකට එන්නත් කෝටි 150ක් හදනවා
  • ලෝකයේ ළමයින් සඳහා නිපදවන එන්නත්වලින් තුනෙන් එකක් හදන්නෙ ඔවුන්…

කොවිඩ් 19ට එරෙහි පළමු එන්නත් තොගය අද (28) ශ්‍රි ලංකාවට ආවේය.  ඒ ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙසිනි.  රජය පවසන පරිදි එන්නත් ලක්ෂ 5ක් පමණ  ලංකාවට ලැබුණේය.  ඒ කොවිෂීල්ඩ් (CoviShield) එන්නතය.

මෙම එන්නත  බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය  සහ ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම විසින් එක්ව නිර්මාණය කරන ලද එන්නතයි. නමුත් එය අපට එන්නේ ඉන්දියාවෙනි. ඉන්දියානු රජයේ අනුග්‍රහයෙනි. මෙම ඖෂධයේ නිෂ්පාදන අවසරය ලබා ඇත්තේ ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය ය. එය ශ්‍රී ලංකාවටද විශේෂ වාසියකි.

සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය

මෙම එන්නත් නිපදවෙන්නේ ඉන්දියාවේ පමණක් නොවේ.  ලෝකයේ  විශාලතම එන්නත් නිෂ්පාදනාගාරයවන (නිපදවන එන්නත් සංඛ්‍යාව අනුව)  ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙනි. 1966 සිට පූනවාලා නැමැති ව්‍යාපාරික පවුල යටතේ පැවත එන මෙම සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය මේ වනවිට ලෝකයේ දියුණු කරන ලද ඖෂධ වර්ග රැසක කලාපීය නිෂ්පාදනාගාරයයි. එයිනුත් ලෝකයේ එන්නත් නිපදවන විශාලතම සමාගම වන්නේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයයි.

මෙම ආයතනය මේ වනවිට එන්නත් බිලියන ගණනක් නිපදවා ඇත.    වෛද්‍යවරුන් එම එන්නත් භාවිතය පහසු බවට පිළිගන්නේ එකක් සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ /ගබඩා කිරීම සහ ප්‍රවාහනය කළ හැකි වීම සහ සෙසු එන්නත්වලට වඩා සාපේක්ෂව මිල අඩු වීම නිසාය. එබැවින් මේ එන්නත් වත්පොහොසත්කමින් අඩු රටවලට දැරිය හැකි එන්නත් බවට පිළිගැනිමක් ඇති නිසාත් පසුගිය කාලය තුළ සිදු කරන ලද සායනික ප්‍රතිඵල මත එම නිශ්පාදන සාර්ථක බවට අත්දැකීම් ඇති නිසාත් මේ එන්නත පිළිබඳව වැඩි අවධානයක්  යොමු වී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සීරම් ඉන්ස්ටිටියුට්  එන්නත් නිෂ්පාදනාගාරය පියවරෙන් පියවර  ගොඩ නැගී අද ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවට පත්ව ඇත.

පුනාවාලා පවුල

සයිරස් පුනාවාලා

1966 වසරේදී ආරම්භ වූ මෙම එන්නත් නිෂ්පාදනාගාරය අයිති වන්නේ ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාර පවුලක් වන පුනාවාලා පවුලටය. මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ සයිරස් පුනාවාලාය. ඔහු 1966 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය දැන් හසුරුවන්නේ ඔහුගේ පුත් ආදාර් පුනාවාලාය. ඔවුන් හඳුන්වන්නේ ඉන්දියාවේ එන්නත් රජුන් ලෙසය.

මෙම සීරම් ඉන්ස්ටිටියුට්  නමැති  පුනාවාලා පවුලේ එන්නත් අධිරාජ්‍යය වසකරකට නිපදවන එන්නත් ප්‍රමාණය බිලියන  1.5කි. එනම්  කෝටි 150කි.  ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලදී ලෝකයේ ළමයින් සඳහා ලබා දෙන එන්නත්වලින් තුනෙන් දෙකක්ම නිපදවන්නේ මෙම නිෂ්පාදනාගාරයේ බව සඳහන් වෙයි.

මෙම ආයතනයේ නිර්මාතෘ සයිරස් පුනාවාලා ධනවතකු වූ අතර ඔවුන් මුලින්ම ආරම්භ කළේ අශ්වයින් ජනනය කිරීමේ ගොවිපළකි. ඒ 1946 දීය. ඔවුන් අශ්වයින් අභිජනනය කර විකිණීම සිදු කළ අතර එයින් පසුව ඔවුන්ට පශු වෛද්‍යවරයකුගෙන් ලැබුණු උපදෙස වූයේ මෙම අශ්වයින්ගේ රුධිරයෙන් ලබා ගන්නා සීරමය වෛරසවලට ප්‍රතිශක්තිය ඇති කරන එන්නත් නිෂ්පාදනයේදී භාවිත කළ හැකි බවය. සීරමය ලෙසින් හැඳින්වෙන්නේ රුධිරයේ ඇති කහ පැහැති වර්ණයෙන් යුතු ද්‍රාව්‍ය, එනම් දියරමය කොටසයි. මෙම කොටස වෛරසවලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිදේහ සමඟ එකතු කොට එන්නත් නිෂ්පාදනය සිදු කරන අතර ඔවුන් ලද මෙම අලුත් දැනුම නිසි ලෙස සැලසුම් සහගතව ව්‍යාපාරය කෙරෙහි නැඹුරු කරවීමට පුනාවාලා පවුල සමත්වී ඇත.

පියාගෙන් පසුව ව්‍යාපාර යෂ්ටිය අතට ගත් ආදර් පුනාවාලා තවමත් 40 වියේ පසුවන්නෙකි. ඔහු මෙම ව්‍යාපාර තවත් තියුණු දැක්මකින් යුතුව මෙහෙයවන පුද්ගලයා  බවට පත්ව  සිටී. මේ වනවිට ඔහු තම නිෂ්පාදනාගාරයේ ව්‍යාප්තිය සඳහා ලබිලියන ගණනක් වැය කර ඇති අතර එන්නත් වර්ග ගණනාවක් ඔවුන් මේ වනවිට නිෂපාදනය කිරීමට පියවර ගෙන ඇත. අති නවීන යන්ත්‍රෝපකරණ තාක්ෂණික උපක්‍රමවලින් සමන්විත මෙම දැවැන්ත එන්නත් නිෂ්පාදානගාරය පිහිටා ඇත්තේ ඉන්දියාටවේ පුනා හිය.

40 හැවිරිදි ආදර් පුනාවාලා

ආදර් පුනාවාලා

ආදර් පුනාවාලා තම පියාගේ සමාගමට එක්වන්නේ 2001 වසරේදීය. ඒ වනවිට ඔහු අවුරුදු 20ක තරුණයෙකි. මේ කාලයේදී සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය එන්නත් අපනයනය කළේ රටවල් 35කට පමණය. එහෙත් ලෝකයේ අවශ්‍යතාව තේරුම් ගත් මේ තරුණයා එහි නිෂ්පාදන ධාරිතාව වැඩි කොට සාපේක්ෂව අඩු මිලට එන්නත් අපනයනය කිරීමට අදාල පියවර ගෙන ඇත. ඒ අනුව මේ වනවිට රටවල් 180කට පමණම ඔවුන් එන්නත් අපනයනය කරන අතර ඔවුන්ගේ සමාගමේ ආදායමින් සියයට 85ක්ම විදේශ විනිමය ලෙසින් ලැබෙයි. මෙම ආදායමින්ද උපරිම ප්‍රයෝජන ගත් පුනාවාලා පවුල නෙදර්ලන්ත රජයට අයත් එරට පිහිටි දැවැන්ත වෛද්‍ය තාක්ෂණ සහ ඖෂධ නිෂ්පාදන සමගාමක් වන බිල්තොවන් ආයතනයද මිල දී ගත්තේය.

කොවිඩ් හේතුවෙන් නිර්මාණය වන එන්නත් ඉල්ලුමේ හිදැස පිරවීමටද ඔහු සැලසුම් සහගතව ආයෝජනය කර ඇත. ඒ අනුව කාටත් දැරිය හැකි මිලකට  එන්නත් නිෂ්පාදනයට උත්සාහ ගන්නා සිරම් ඉන්ස්ටිටියුට් දැනට ඉලක්ක කර ඇත්තේ මෙම වසර තුළ  කොවිෂීල්ඩ් එන්නත් මිලියන 500ක්, එනම් එන්නත් කෝටි 50ක්වත් නිපදවීමය.

මේ දැවැන්ත ඉලක්කය පසුපස යන මෙම ආයතනයේ මීට දින කිහිපයකට පෙර විශාල ගින්නක් ඇති වී විශාල හානියක් සිදුවිය.   එහෙත් ආදාර් පුනාවාලා ට්විටර් පණිවිඩයකින් කියා තිබුණේ කොවිෂීල්ඩ් නිෂ්පාදනයට දශමයකවත් පසුබෑමක් නොවන පරිදි හදිසි තත්ත්ව කළමනාකරණය කිරීමේ සැලසුම් තමන් සතු බවය.

සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ ඇති වූ ගින්න…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

Next Post

දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.