ලංකාවේ ප්‍රධානම පෙළේ නළු නිළියන් රැසක් එකට සම්බන්ධ වන සජීවී රූපවාහිනී වැඩ සටහනක පුහුණුවීම් සඳහා පැමිණි අවස්ථාවේ එම නළු නළියන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ කළ බවත් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත්තේ එම නළු නිළියන්ගෙන් 14 දෙනෙකුට බවත් සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසයි.
මෙසේ ආසාදනය වූ නළු නිළියන් අතර ලංකාවේ ජනාදරයට පත් ඡායාරූප ශිල්පී ගායකයෙක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වූ ප්‍රකට නිලියක්, ඇතුළු පිරිසක් වන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ කියයි.
මේ වනවිට එම පිරිස ප්‍රතිකාර සඳහා හලාවත ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ. රෝගී වූ අය අතර මුලින්ම කොවිඩ් ආසාදිත බව තහවුරු වූ ප්‍රකට යොවුන් නළුවාගේ සොයුරිය, බිරිය සහ දස මස් ළදරුවා ද වන බව වාර්තා වේ.
ඒ අතර දෙරණ රූපවාහිනිය මගින් පවත්වාගෙන යන එක්තරා රියලිටි නර්තන වැඩ සටහනක් අත්හිටුවා ඊට එක් වූ කොවිඩ් ආසාදිත තරුණ නර්තන ශිල්පියෙකුගේ නර්තනන කණ්ඩායමක් නිරෝධායනයට යොමු කර ඇත.