අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නිසි වැඩ නොගැනීමත් කොළඹ මරණ වැඩිවීමට හේතුවක්

by editor
නොවැම්බර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තෝරා ගෙන තිබුණ ද නෙවිල් ප්‍රනාන්දු රෝහල පූර්ණ කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පරිවර්තනය නොකොට ජාතික රෝහල, කළුබෝවිල රෝහල, රාගම රෝහල වැනි ප්‍රධාන රෝහල් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමෙන් අනපේක්ෂිත අර්බුද රැසක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ පවසති. එම ප්‍රධාන රෝහල් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීම නිසා වෙනත් ප්‍රතිකාර එම රෝහල්වලට රෝගීන් පැමිණීමේ අඩු නැඹුරුවක් දක්නට ඇති බවත් මේ තත්ත්වය මත නිවසේදී රෝගී තත්ත්ව උත්සන්න වීමෙන් සිදුවන සිදුවන මරණ සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩි වීමක්ද පවතින බව ඔවුහු පෙන්වා දෙති.

ලංකාසර වෙත අදහස් දැක්වූ මෙම සෞඛ්‍ය වෘත්තිකයන්ට අනුව කොළඹ අවට මේ දිනවල නිවාස තුළ මරණ 20- 30ක් වාර්තා වන අතර ඊට හෙතු වී ඇත්තේ ප්‍රතිකාර ගැනීමට රෝහලකට පැමිණීමේ විශ්වාසය සමාජයෙන් ගිලිහීමය.
මේ අතර කොළඹ ජාතික රෝහලේ කොවිඩ් මරණ 2ක් හෝ 3ක් දිනපතා වාර්තා වන බව ඔවුහු පවසති. අද උදේ වරුවේ පමණක් කොවිඩ් මරණ 03ක් වාර්තා වූ බව මේ ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය තුළ රටේ අතිශයින්ම වැදගත් පොදු ජනතාවගේ සෞඛ්‍ය මධ්‍යස්ථානය අනතුරකට ලක් වෙමින් ඇති බවත්, රිජ්වේ ආර්යා ළමා රෝහල හා කොළඹ ජාතික රෝහල මෙවැනි අවදානමකට ලක් නොකර ප්‍රායෝගික වැඩ පිළිවෙළකට නොයන්නේ නම් තත්වය මීට වඩා බරපතල විය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.

“ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඇඳන් 1005කින් සමන්විතයි. දැඩි සත්කාර ඒකකය ඇඳන් 12කින් යුතුයි. මේ රෝහල කොවිඩ් ප්‍රතිකාර රෝහලක් කළ බව කීවත් ඇත්තටම එය අර්ධ සත්‍යයක්. මේ රෝහලට දැනට යොමු කරමින් ඉන්නේ කොවිඩ් ආසාදිත බව තහවුරු වුවත් කිසිම ආකාරයකට රෝග ලක්ෂණ පෙන්වන්නෙ නැති ආසාදිතයන්. අවදානම අඩුම ආසාදිතයන්. ඔවුන් යොමු කරන්නෙ රෝහලේ එක් කොටසක් වෙත විතරයි. ඉතිරි කොටස සාමාන්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පාවිච්චි වෙනවා.“
දැන් රට ජාතික ආපදාවකට පත්වෙලා. නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ තැනක් මේ වගේ අවස්ථාවක රටක් විදිහට අපට ඉතා ඵලදායී විදිහට පාවිච්චි කරන්න පුලුවන්. එය පිහිටා ඇත්තෙ නගරය මධ්‍යයෙ නෙවෙයි. නගරයෙන් පිට. එම ස්ථානය පහසුවෙන් නිරෝධායන පිළිවෙතක පවත්වා ගත හැකියි. ඒත් එහෙම කරන්නෙ නෑ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මේ වනවිට කොවිඩ් අවදානම බිහිසුණු ලෙසම සාන්ද්‍රණය වෙලා තියෙන්නෙ කොළඹ නගර කලාපය තුළ. රෝග ලක්ෂණ ආපු ගමන් ඔවුන් වැඩි වශයෙන්ම ප්‍රතිකාර ගන්න එන්නෙ කොළඹ ජාතික රෝහලට. අප කරන්නෙ ඒ රෝගීන් නිශ්චිතව හඳුනාගෙන ඔවුන්ගේ තත්වය අනුව අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම හෝ වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම.“
“දිනපතාම කොවිඩ් ආසාදිතයින 20ක් 25ක් අතර ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලින් වාර්තා වෙනවා. ඔවුන් එක් වාට්ටුවක්ට යොමු කරවලා ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇඳක් හොයා ගන්න සමහර දවස්වලට වරුවක් ගත වෙනවා.

“අපි මොනතරම් සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කළත් දින දෙකකට පෙර හොමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය විවෘත වන තුරු අපට කොවිඩ් වලට මුහුණ දෙන්න තිබුණේ අයි.සී.යූ ඇඳන් 20කට අඩු ප්‍රමාණයක්. රටේම දැඩි සත්කාර ඒකක තිබුණත් ඇඳන් 700කට ආසන්න සංඛ්‍යාවක් තිබුණත් කොවිඩ් ආසාදිතයන් හැම තැනටම එහෙම යොමු කරන්න බෑ.“

අපි මෙහෙම රටක් විදිහට පීඩා විඳින්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ තැන් තියාගෙන. දේශපාලන සහ වෙනත් හිතවත්කම් මත පදනම් වෙලා රටක් සම්බන්ධව නිවැරදි තීන්දු ගන්න බෑ. දැන් මේ ප්‍රශ්නයට ඇත්ත උත්තර හොයන්න හදමු. වෛරස් වසංගතයක් එක්ක බොරු කරන්න බෑ…“
යැයි මේ වෘත්තිකයෝ පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරට කේබල් කාර් අරන් කොරියානු කෝටිපතියා ලබන වසරේ එයි

Next Post

කොවිඩ් හැදුණු සුපිරි නළු නිළියන් ගායකයන් ප්‍රතිකාර සඳහා හලාවතට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.