නතාෂා නෙත්මිණි –
වාරියපොල බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයන් 30ක් වාර්තා වීමත් සමග ඉදිරි පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීම බන්ධනාගර පරිපාලනය මැදිහත් වීමෙන් වළක්වා ඇතැයි වාර්තා වේ.
පසුගිය දා බන්ධනාගාර රැ දවියන් 30 දෙනෙක් හා බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක්හට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඉදිරි පී.සී.ආර් පරීක්ෂණ අත්හිටුවා ඇතැයි එම ආරංචි මාර්ග කියිය.
වාරියපොල බන්ධනාගාරයේ රැඳවියන් 1000කට ආසන්න පිරිසක් රඳවා සිටී. බන්ධනාගාරය නිලධාරීන් 90ක් පමණ සේවයේ යෙදී සිටින බවත්, පීසීආර් පරික්ෂණයන් සඳහා පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දුන්නද ඔවුන් නොපැමිණෙ බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.