බංගලාදේශ හිටපු නායක මෙන්ම සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ගේ පියාට කොවිඩ් ආදානය වීමත් සමග ඔහු සිය පවුලම සමග නිරොධායනයට යොමු කර ඇතැයි බංගලාදේශ් ක්‍රිකට් වාර්තා කරයි.
ශකීබ් ගේ පියාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින බංගලාදේශ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පිහිටුවා ගත් ශකීබ් අල් හසන් පදනමේ සමාජ සේවා කටයුතුවල නිරත වෙමින් සිටියදීය.
මීට පෙර බංගලාදේශ් ක්‍රීඩක මෂ්රාෆ් මොටරාසාට කොවිඩ් ආසාදනය විය. මේ වනවිට බංගලාදේශ් ජාතිකයන් 2600 වැඩි සංඛ්‍යාවක් කොවිඩ් ආසාදනය නිසා මිය ගොස් සිටිති.