කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ සමීපතමයින් සිව් දෙනෙක් ඇතුළු කොවිඩ් ආසාදිතයන් 20ක් පසුගිය පැය 24 දී වාර්තා වී තිබේ.
මේ ආසාදිතයන් සිව්දෙනාගෙන් තිදෙනෙක් පිලියන්දල කහතුඩුවෙන් ද එක් අයෙක් පැල්මඩුල්ලෙන් ද වාර්තා විය.
මීට අමතරව සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 09ක්, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, ඉන්දියාවේ සිට පැමිණි 02ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 2ක් කොරෝනා වෛරසය ආසාදනය වූ බව තහවුරු විය. ඔවුන් සියලූ දෙනා නිරෝධායනය වෙමින් සිටිති.
ඒ අනුව මේ වනවිට මෙරටින් හදුනා ගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,724කි. කෙසේවෙතත් ඒ අතරින් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ රෝගීන් 678 දෙනෙකු පමණයි. සම්පූර්ණයෙන් සුවය ලැබූ රෝගීන් ගණන 2,035 කි.