fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, අප්‍රේල් 14, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව  සොයාගෙන…

    පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව සොයාගෙන…

    අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…

    අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…

    අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

    අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

    තරුණ පරපුර කොවිඩ් ගැන හිතන විදිහ වැරදියි

    තරුණ පරපුර කොවිඩ් ගැන හිතන විදිහ වැරදියි

    රටේ පැතිරෙන විකෘති කොවිඩ් ප්‍රභේදය පිළිබඳ පර්යේෂණ අවුරුද්දට නැවතිලා ..

    රටේ පැතිරෙන විකෘති කොවිඩ් ප්‍රභේදය පිළිබඳ පර්යේෂණ අවුරුද්දට නැවතිලා ..

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

    සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය 2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ සංස්කෘතිය

වලව් හතරක් එකතු කර සුද්දො හැදුව රැජන හෝටලේ…

editor by editor
මාර්තු 26, 2021 - Updated On මාර්තු 27, 2021
in සංස්කෘතිය
489 5
වලව් හතරක් එකතු කර සුද්දො හැදුව රැජන හෝටලේ…
Share on FacebookShare on Twitter

මහනුවර නගරයට පා තබන විට මේ අපේ අවසන් රාජධානිය වග හිතට කාවද්දන ප‍්‍රබලතම සාධකය මහනුවර ක්වීන්ස් හෝටල් ගොඩනැගිල්ලය. දළදා වීදිය ඔස්සේ ඉහළට වැව දෙසට යන විට වම්පසින්ද , මහයියාව දෙස සිට පැමිණ ඩී. එස් සේනානායක වීදිය දිගේ පැමිණෙන විට දළදා මැඳුර අභිමුවේදීද ඇස ගැටෙන ප‍්‍රතාපවත් කිරිසුදු තෙමහල් ගොඩනැගිල්ල රාජ තේජස් විදහා පාන්නේය. මේ ගොඩනැගිල්ල ඉපැරණි වලව්වක් වන දූල්ලෑව වලව්වම බවට ජන මතයයි.
නමුත්, මෙය වලව්වක් නොව වලව් ත‍්‍රිත්වයක එකතුවක් බව මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්,  ගවේෂණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යය විද්‍යා මානව වංශ ජනශ‍්‍රැති පර්යේෂක විරාජ් නිරංජන් බාලසූරිය   කියා සිටී. අද මෙම ගොඩනැගිල්ලේ ඇත්තේ ක්වීන්ස් හෝටලයය. මෙය ඉංග‍්‍රීසි ආණ්ඩුවේ අනුමැතිය ලබමින් බි‍්‍රතාන්‍ය මහරැජිණට ගෞරවයක් වනු පිණිස යොදා ඇති නමකි. යුරෝපා රටවල් අතර තෝරා ගත් ගොඩනැගිලි කිහිපයක පමණක් ඇති හෝටල් සඳහා ක්වීන්ස් හෝටලය යන නාමය ලබා දීමට එවකට සිටම ඉංග‍්‍රීසි ආණ්ඩුව කටයුතු කර ඇත. අද වන විට ක්වීන්ස් හෝටලයේ භාරකාරත්වය ඇත්තේ සභාපති සංජීව් ගාඩ්නර්ටය. උපසභාපති සාමාන්‍යාධිකාරි රංජන් පීරිස්   ක්වීන්ස් හෝටලයේ ඉදිරි පැවැත්ම උදෙසා කටයුතු කරන්නේය.

සාමාන්‍යාධිකාරි රංජන් පීරිස් සහ සභාපති සංජීව් ගාඩ්නර්

වලව් හතරක්…

ක්වීන්ස් හෝටලය අද පවතින තත්ත්වය තෙක් පැමිණි ගමන් මග වසර දෙසියද ඉක්මවා ඇත. මේ සම්බන්ධයෙන් අතීත පුවත් ජනවහරේ අපූරුවට පෙළගස්සවා ඇත.
අද ඩී. එස් සේනානායක වීදිය සහ දළදා වීදිය ඉහළ කෙලවර යනු එදා හෙට්ටි වීදියේ මුල් කොටසය. හෙට්ටිවීදිය දෙපස වලව් හතරක් හෙවත් අදිකාරම් නිල නිවාස හතරක් තිබී ඇත. ඒ රත්වත්තේ වලව්ව, ඇරැපොල වලව්ව, මොල්ලිගොඩ වලව්ව, සහ දූල්ලෑව වලව්වයි.
එක්දහස් අටසිය දහතුනෙන් පසුකාලයේ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව මෙරටට පැමිණි දකුණු ඉන්දීය පාලකයන්ට මෙහි සිටි නිලමඬුල්ල හෝ සේවක මඬුල්ල පිළිබඳ පැහැදිලි විශ්වාසයකින් සිට නැත. එබැවින්ම රාජ මාළිගය පරිශ‍්‍රයට යාබදව සිය නිල නිවාස සියල්ල තනවා එහි විසීමට පියවර ගෙන ඇති බවක් අතීත පොත පත සහ පුරාවිද්‍යා සාක්ෂි අනුව පෙනීයයි.
දූල්ලෑව වලව්වේ ඉදිකිරීම්හි කිසිවක් මේවන විට ඉතිරිව නැති බව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමේ විරාජ් බාලසූරිය   කියා සිටී. නමුත් දූල්ලෑව වලව්ව ඉදිකළ බව කියන නිර්මාණ කාර්මික ශිල්පියාම දළදා මැදුරේ පත්තිරිප්පුව ද කිරිමුහුද නම් වූ වැව ද නිර්මාණය කළ බව කියැවේ. එසේ නම් ඔහු දේවේන්ද්‍ර මූලාචාර්යයවරයාය.

RelatedPosts

පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව සොයාගෙන…

අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…

අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

තවමත් දළදා වඳින්නට එන දේවේන්ද්‍ර මූලාචාර්යයවරයා.

ඔහු සෑම පසළොස්වක පොහෝ දිනකම කිරිමුහුද මැදින් පැමිණ දළදා වඳින්නට යන බවට ජනවහරේ මතයක් පවතී. ඔහු අතෙහි රියන් ලෑල්ල නමැති පත්තිරිප්පුව නිර්මාණය කිරීමට භාවිත කළ මිනුම් කෝදුව ඇති බව පැරැන්නෝ දැක ඇති බව කියති. දිගු රැවුලක් සහිත ඔහු සුදෝ සුදු ඇඳුමකින් සැරසී, හිස ජටාවකින් ආවර්ණය කොට ඇති බවටත් දුටුබව අතීත මිනිසුන් පවසා තිබේ. කාලවර්ණ සහිත මෙම පුද්ගලයාගේ භූතාත්මය පිළිබඳව එකල මිනිසුන් දැඩි සේ විශ්වාස කළ බවද කියැවේ.

එවන් කරුණු කාරණා සමග පුරාවිද්‍යා ගවේෂණයෙන් දූල්ලෑව වලව්වේ ඉතිහාස ක‍්‍රිස්තුවර්ෂ 1810 -1812 තරම් ඈත බවට අනුමාන කර ගෙන ඇතිමුත් තිරසාර සාක්ෂි හමුව නැති බව කියයි. දූල්ලෑව වලව්ව දෙමහල් ගොඩනැගිල්ලක්ද තෙමහල් ගොඩනැගිල්ලක්ද යන්න නිශ්චය කර ගැනීමට සාධක නැත. නමුත් රජුට ඉතා සමීප ප‍්‍රභූ නිලධාරියකු වන දූල්ලෑවේ අදිකාරම් ගේ නිවස බැවින්ම එහි මැද මිදුල්, නඩු අසන තැන්, වරදකරුවන්ට දඬුවම් දෙන තැන්, අදිකාරම්ගේ පවුලේ උදවියට වෙන් වූ කාමර, භෝජනාගාර මුළුතැන්ගේ එම සේවකයන් සඳහා වන කාමර තිබූ බවට තොරතුරු ඇත.

එක්දහස් අටසිය පහළොව මාර්තු දෙවැනිදා උඩරට ගිවිසුමෙන් කන්ද උඩරට යටත් විජිතයක් බවට පත් කළ පසුව දූල්ලෑව වලව්ව සහ ඒ අවට සෙසු වලව් තමන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට බි‍්‍රතාන්‍ය ජාතිකයන් කටයුතු කර ඇත.

දුල්ලෑවේ වලව්වට වෙච්චි දේ

මුලදීම දූල්ලෑව වලව්ව ආණ්ඩුකාර මන්දිරය ලෙස පාවිච්චි කර ඇති බව කියැවේ. ඒ 1818 දීය. දෙවැනුව 1858 දී මැලේ නම්වූ රයිෆල් රෙජිමේන්තුවේ නිල නිවාසය බවට පත් කොට ඇත. එම නිල නිවාසයට අයත් ව තිබුණේ වර්තමානයේ රැජන හෝටලයේ අද තිබෙන භෝජනාගාරයේ කොටසකි.
අනතුරුව 1873වන විට ඉංග‍්‍රීසි ජාතික පියාෂෝ මැතිනිය විසින් මෙම ගොඩනැගිල්ල මිලදී ගෙන ඇත. ඇය එවකට කාලතුවක්කු රෙජිමේන්තුවේ හිටපු උසස් හමුදා නිලධාරියෙකුගේ බිරිඳ බවද සඳහන්ය. අද වන විට අනිවත්තේ පිහිටා ඇති පියාෂෝ ගාඩ්න්ස් යනු ද මෙම පියාෂෝ මැතිනිය විසූ නිවස හා ඒ අවට කොටස බවද කියැවේ.
මේ වනවිට විවිධ අවස්ථාවන්හිදි දුල්ලෑව වලව්ව හි කොටස් ඉවත් කිරීමටද යළි නැවත අලූතින් කොටස් ඈඳා පියාෂෝ කොටේජ් ලෙස නාමයක් ද ලබා දී ඇත. මේ සියලූ තොරතුරු ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ සහ නිදහස් සිරකරුවෙක් ලෙස උඩරට සිටි රොබට් නොක්ස්ගේ   අත්දැකීම් අනුවත් ජෝන් ඩේව් වැනි ඒජන්තවරුන්ගේ දින පොත් ආශ‍්‍රිතවත් සොයා ගත හැකි විණි.

බි‍්‍රතාන්‍ය ජාතික අනන්‍යතාව තදබල ලෙස සංකේතවත් කරමින් අතීතයේ මෙහි විසූ බි‍්‍රතාන්‍ය බයිනෙත්තු හමුදාවේ නිලධාරීන් පැළඳි තොප්පිය ගොඩනැගිල්ල ඉහළ සඳලූතලයේ වහලයේ ඉදිකරන්නට කටයුතු කොට තිබේ. ඉන් ගම්‍ය වන්නේ මෙය හුදෙක්ම බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකරන ලද්දක් බවය.
මානව වංශ ජනශ‍්‍රැති පර්යේෂක වරයකු හා ගවේෂකයකු වූ විරාජ් නිරංජන් බාලසූරිය   මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් හා තොරතුරු මෙසේය.

රැජන හෝටලය 1900 – 1910

රැජන හෝටල් ගොඩනැගිල්ල

”රජුගේ මලබාර් ඥාතීන් ගෙනැවිත් නතර කිරීම සඳහා දූල්ලෑව වලව්ව තවදුරටත් විශාල ලෙස ඉදිකළ බවක් අතීත සටහන්වල දැක්වෙනවා. ඒ විතරක් නෙවෙයි, මලබාර් හමුදාවේ නේවාසිකාගාරය ලෙසත් පසුව රෝහලක් ලෙසත් භාවිත කළ බව කියනවා.

අද අප දකින රැජිණ හෝටලය අතීතයේ මේසා විශාල ගොඩනැගිල්ලක් නෙවෙයි. පහත මාලයේ භෝජනාගාරය හා ඊට යාබද කාමරය පමණක් තිබූ බවත් පසුකාලීනව අසල තිබූ සෙසු වලව් එක්කොට මේ සුවිසාල මන්දිරය තැනූ බවටත් කරුණු කියැවෙනවා. දළදා විදියෙන් ත‍්‍රිකුණාමල වීදිය දෙසට එකල පැවැතියේ පැවිලියන් හෝටලය සහ ඊට අයත් නවාතැන් පළක් පමණක් බවද ඇතැම් තැන්හි සඳහන් වෙනවා. වසර 1873 දී පියාෂෝ මැතිණිය බිම් ප‍්‍රමාණයෙන් රූට් දෙකයි පර්චස් අටහමාරක් මිලදී ගෙන තිබෙනවා.
පියාෂෝ බ්ලොක් යනුවෙන් භෝජනාගාරයක් කාමර පහක් පමණ ලෙස තිබී ඉන් අනතුරුව ඇය විසින් විසිරී තිබූ ගොඩනැගිලි ඒකාබද්ධ කොට නිරිත සහ ඊසාන දිසාවන්ට පියාපත් විසිරදමා ඇති කුරුල්ලකුගේ ආකාරයක් දර්ශනය වන තෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කර තිබෙනවා. එක්දහස් අටසිය අනූ පහේදි සිය අග‍්‍රගන්‍ය හෝටලය විකුණා දමන්නට ඇය කල්පනා කර තිබෙනවා. මහනුවර පෞද්ගලික හෝටල් සමාගම ඒක මිලදී ගෙන තිබෙනවා.

හිරු ආවරණය කිරීම සඳහා පියස්සක් සහිත පදික වේදිකාවක් තැනීමට මෙම සමාගම මුලින්ම අත ගසා තිබෙනවා. නගර සභාවෙන් ඉල්ලීමක් කළ වෙලාවේ වසරකට රුපියල් විස්සක බදු මුදලක් ගෙවා පදික වේදිකාව ඉදිකර ගන්නා ලෙස හෝටලයට නගරසභාව දැනුම් දී තිබෙනවා. වැව අද්දරින් දළදා වීදිය ඉහළ කෙලවර පදික වේදිකාව ඉදිකර ඇත්තේ, එක්දහස් අටසිය අනූ එකේ පෙබරවාරියේ. මේ වන විට විදේශීය ආකර්ෂණයත් ලැබී තිබූ බව සඳහන්.

එබැවින්ම ත‍්‍රිකුණාමල වීදිය දෙසට තිබූ මොල්ලිගොඩ වලව්වත් මෙම ගොඩනැගිල්ලට ඈඳා ගෙන තවදුරටත් වැඩි දියුණු කරන්න කටයුතු යොදා තිබුණා. ටෝනි බ්ලෙයාර් සහ පිලිප්ස් යන සුදු ජාතිකයන්ගේ පරිත්‍යාගයෙන් මෙම ගොඩනැගිල්ල වැඩිදියුණු වූ බවත් කියැවෙනවා. රැජිණ හෝටලයේ ඊසාන පියාපත ලෙස අදටත් හැඳින්වෙන මෙම කොටස ගොඩනැගිල්ලට අමුතු සුන්දරත්වයක් එක්කර තිබුණා. එක්දහස් නවසිය එකොළහේදී කාසල් හා දළදා වීදිය කොනක පිහිටි හිස් භූමියේ තවත් ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. මෙහි කාමර ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව මදි බව දැනීම නිසායි එසේ ඉදිකර තිබෙන්නේ. රුපියල් හාරසිය පනහක මුදලකින් ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල මුල් කාලයේ මිලර්ස් ලෙස   හැඳින්නුවත් පසුව එහි ලංකා බැංකුව ස්ථාපිත කර තිබෙනවා. මේ වන විට අක්කරයක් සහ පර්චස් හයක භූමියක් රැජිණ හෝටලයට අයිති වී තිබෙනවා.

රැජන හෝටලයේ වාස්තු විද්‍යාව

රැජිණ හෝටලයේ වාස්තු විද්‍යාව කන්ද උඩරට සම්ප‍්‍රදාය තුළ රැඳෙන බව වෙනමම හඳුනා ගත හැකියි. කන්ද උඩරට තිබූ පස වර්ෂාපතනය භූමියේ පිහිටීම පාෂාණ සහ ඉඩකඩ මේ සියල්ලක්ම එකිනෙකට සම්බන්ධ වන සේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. සාමාන්‍යයෙන් ටැම්පිට ඉදිකිරීම්, ඔසවා ඉදි කිරීම්, දැව භාවිතාව, වරිච්චි බිත්ති, කෝණාකාර පියැසි කඳුරටට ආවේණිකයි. අවුරුද්ද පුරාම ඇද හැලෙන මහා වැස්ස ගැන මෙය ඉදිකළ වාස්තු විද්‍යාඥයා කල්පනා කර තිබෙනවා. ඒ නිසායි දළ බෑවුම් සහිත පියසි නිර්මාණය කර තිබෙන්නේ. වහලය උඩට වැටෙන වතුර ඉක්මනින්ම පොළවට වැටෙන්න සලසා තිබෙන්නේ මේ සුවිසල් ගොඩනැගිල්ලේ බිත්ති ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වෙන්නත් පුළුවන්.

උඩරට වහලයක් ලෙස සිව් පලයේ සහ අටපලයේ කෝණාකාර වහල, රවුම් උළු, ඒවා සිංහල උළු, යොදා සෙවිලි කර තිබෙනවා. පොළවේ තෙතමනය අධික නිසා ගොඩනැගිල්ල ඔසවා නිර්මාණය කරන්න ඇති. බි‍්‍රතාන්‍ය ගෘහනිර්මාණ ශිල්පයට ඉතා කිට්ටු ලෙස මෙම නිර්මාණය සිදු කර තිබුණත් සුවිශේෂිම වන්නේ වීථි දෙකක් ආවරණය වන පරිදි ත‍්‍රිකෝණාකාර ලෙස ඉදිකර තිබීමයි. ප‍්‍රධාන දොරටුව කිරි මුහුද දෙසට වන ලෙස සකසා තිබීමෙන් අමුතු ගුප්ත සහ පෙරකී මෙම බිමහි මුල් ඉදිකිරීම් කළ අයට ගෞරව දැක්වීමක් වැනි හැඟීමක්ද ඇති කරනවා.

බි‍්‍රතාන්‍ය ජාතිකයෝ තම දේවස්ථානවල ඉදිකිරීම් වලදි ප‍්‍රතාපවත් බවට මුල්තැනක් දෙනවා. ඔවුන් හිතනවා ඒ තුළින් අභිමානය විදහා දක්වන්න. දැවැන්ත කුලූනු විශාල ආරුක්කු ගණකම් බිත්ති, විශාල දොර ජනෙල් බෑවුම් වැඩි කෝණාකාර වහල බි‍්‍රතාන්‍ය වාස්තු විද්‍යාව තුළ ප‍්‍රකටයි. ඒ විතරක් නෙවෙයි බි‍්‍රතාන්‍ය වාස්තු විද්‍යාඥයෝ වාතාශ‍්‍රය සනීපාරක්ෂාව සුව පහසුව කියන කාරණාවලට මූලිකත්වය ලබා දෙනවා. මෙම මහා සුවිසල් මැඳුරේ තැනින් තැන තිබෙන වා කවුළු මැද කවුළු මැද මිදුල් පොළවට අතුරා ඇති ලී විශේෂ අනුව ඒ බව ඉතා හොඳින් පැහැදිලියි. උණුසුම් කාලයේදි ඇතුළත සිහිල්ව තබා ගැනීමටත් සීතල කාලයට උණුසුම රඳවා ගැනීමටත් හැකි පරිදි මෙම ගොඩනැගිල්ල තනවා ඇති බව බොහොම පැහැදිලියි. අද වුවත් මෙම ගොඩනැගිල්ල තුළ ඇත්තේ අමුතු සිහිල් බවක්.“

 බිත්ති හැදුව හැටි

“මේ විශාල ගොඩනැගිල්ල එහි පදනමට හානි නොවන ලෙස පොළව තුළට ගිල්වන ලද යකඩ බාල්ක ආකෘතියක් සෑම බිත්තියකටම පහළින් සමබර කර තිබෙනු දක්නා ලැබුණා. බිත්ති අභ්‍යන්තරය විද බැලිය නොහැකි වුවත්, දළදා මාළිගයට ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඇතිවූ කම්පනයෙන් කුලූනක බදාමයක් ගැලවී ගියා. අපි වහා මේ ගැන සොයා බලා මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ගැන අවධානය යොමුකළා. ගල් ගඩොල් සහ විශේෂිත බදාමයක් භාවිත කරමින් පදම් කළ මැටි මිනිරන් සහ ලාටු විශේෂයක් භාවිත කර තිබෙන බවද එහිදී දක්නට ලැබුණා. බිත්තියක් සෙන්ටිමීටර් පනහක් පමණ ගණකම්. ඇතැම් තැන්වල ඊටත් වඩා පුළුල්. බිත්ති බැඳීමේදී සිදුරු පිහිටන සේ ගල් අල්ලා තිබෙනවා. ඊට ප‍්‍රධානතම හේතුව ප‍්‍රසාරණයට සහ සංකෝචනයට ඔරොත්තු දීමයි.

බිත්තිවල කල් පැවැත්ම උදෙසා හුණු බදාමය මෙන්ම දහයියා මුහුදුබෙල්ලන්ගේ කටු ලාටු විශේෂ කොහුබත් බිත්ති කපරාරුවට ගල් ගඩොල් බන්ධනකාරකයක් ලෙසත් පාවිච්චි කර තිබෙනවා. බන්ධනකාරකයක් කියන්නේ එකිනෙක බැඳී පවතින සහ ඒ සඳහා උදව් වන දේයි. බෝම්බ ප‍්‍රහාරයේදි වුවත් පීඩනයකට ලක් නොවුණේ, පීඩනයට ඔරොත්තු දෙන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ නිසයි. දැන් අද වනවිට මෙම ගොඩනැගිල්ල තරු තුනක හෝටලයක් ලෙස දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයෙන් ප‍්‍රමෝදිතව නුවර නගරයේ යෙහෙන් වැජඹෙනවා. ..”

හෝටලයේ අභ්‍යන්තරය

ඇන්ටන් චෙකොෆ් පැමිණීම

මේ ප‍්‍රතාපතවත් ගොඩනැගිල්ල මහනුවර නගරයේ වැජඹෙන්නේ වත්මන් රැජන හෝටල් කාර්යය මණ්ඩලයේ  වෙහෙස මතයි. එහි කළමනාකරු රංජන් පීරිස් අතීත මතක අවදි කළේ මෙපරිද්දෙනි.
”අපේ පැරණි බිල් පොත්වල සඳහන් වෙනවා මේ රැජන හෝටලයට පැමිණි ප‍්‍රභූ පිරිස් පිළිබඳ සාක්ෂි. ඒ අතර 1890 දි ඇන්ටන් චෙකොෆ් ලංකාවට පැමිණ තිබෙන අතර මහනුවරට ආ මොහොතේ
රැජන හොටලයේ නවාතැන් ගෙන තිබෙනවා. නොවැම්බර් විසිතුන විසිහතර ඔහු නවාතැන් ගෙන තිබෙන බව එහි සඳහන්. එවකට ඔහු ප‍්‍රසිද්ධ නොවූ පුද්ගලයකු වෙන්නට ඇති. නමුත් ඔහු ගැන පර්යේෂණ කරන ඇතැම් ගත්කතුවරු මේ පිළිබඳව සොයා එනවා. අපිත් වැඩි අවධානයක් යොමු කළේ ඉන් පසුවයි.
එංගලන්තයේ සිට පැමිණි ආදිපාදවරු, එලිසබත් මහරැජිණ, වගේම අදටත් ජාත්‍යන්තරයෙන් ලංකාවට පැමිණෙන ප‍්‍රභූවරු මහනුවරට පැමිණි විට, දිවා ආහාරය හෝ රාත‍්‍රි ආහාරය ලබා ගන්නේ රැජිණ හෝටලයෙන්. මෙහි තිබෙන ඓතිහාසික බව අදටත් ආරක්ෂා වෙලා තිබෙන්නේ, ඉපැරණි බඩුමුට්ටු එදා තිබුණු ලී අත්වැටවල් සහිත තරප්පු පෙළ, ඇතුළු ගොඩනැගිල්ලේ උළුවහු දොරජනෙල්වල නිර්මාණාත්මක බව නිසායි. ඉංග‍්‍රීසි පාලන කාලේ මෙම ගොඩනැගිල්ලේ කාමර එකසිය තිහක් පමණ තිබිලා තියෙනවා.

සිරිමාවෝ මැතිනිය අගමැතිනිය විදිහට කටයුතු කළ සමයේ ගොඩනැගිල්ල රජයට පවරාගෙන තිබෙනවා. සමහර කාමර වලට බද්ධ කළ වැසිකිළි තිබිලා නැහැ. රාත‍්‍රියට අවශ්‍යතාවක් වුණොත් පාවිච්චි කරන්න පොට් දීලා තියෙනවා. පරණ පොට් අපි රැජන හෝටල් කෞතුකාගාරයේ දැන් තැන්පත් කරලා තිබෙනවා. මොකද මේ ඵෙතිහාසික බව අතිශය වැදගත්.
රැජිණ හෝටල් ගොඩනැගිල්ල වසර 1938 සිට 1940 දක්වා සී බී ලවුන්ඩන් බෑන්ඩ් නමැත්තකු යටතේ තිබූ බවට සාධක තිබෙනවා. එතැන් සිට මේ දක්වා පාලනය කළ අය වුණේ, මේජර් ජේ. ඩබ්ලිව් ඕල්ඩ්ෆීල්ඩ්, ඒ. ඩබ්. වරබටන් ග්‍රෙ, ඒ. ඩී. ඉල්ඩ්, ඩබ්ලියු. ආර්. හැන්කොක්, ඩබ්. ආර්. සී. පාවුල්, ඩී. එච්. ජයවික‍්‍රම, ටී. බී. පානබොක්කේ, එන්. එස්. ඕ. මෙන්ඩිස්, ලොයිඩ් වෙත්තසිංහ, ඩී. එස්. ගුණසේකර, නිමලසිරි ද සිල්වා, ලෙස්ටර් ද කුරේ, ඩී. යූ. ද සිල්වා, සී. සන්කරකුමාරන්, කිත්සිරි වනිගසේකර, එස්. එන්. පීරිස්, නිහාල් රත්වත්තේ යන අයයි. දෙදහස් පහ වසරේදි වත්මන් සභාපති සංජීව් ගාඩ්නර්   භාරගත්තා.“
“මෙම ගොඩනැගිල්ලේ කාමර පිහිටලා තියෙන්නේ, එකිනෙක ළං ළංව. ඇත්තෙන්ම ඇතුළේ සියලූම ඉදිකිරීම් චිත‍්‍රයක් වගේ. මෙහි ඇතැම් විදුලි ලාම්පු අලූත්වැඩියා කිරීම සඳහා කාර්මික ශිල්පීන් අලූතින් ඉගෙන ගත යුතු අවස්ථා තිබෙනවා. ලාම්පු කනප්පු දොර ජනෙල් අගුලු මේ සියල්ලක්ම වටිනාකමින් වැඩියි. ඒ සියල්ල බි‍්‍රතාන්‍යයෙන් මෙරටට ගෙන්වා ඇති බව කියන්න පුළුවන්. මේ ආකාරයෙන්ම ඉදිරියටත් ගොඩනැගිල්ල පවත්වාගෙන යමින් ඉතිහාසය ආරක්ෂා කිරීමට අපි කැපවෙනවා…”
දූල්ලෑව වලව්ව ලෙස ප‍්‍රකටව තිබූ මුත් විවිධ අවස්ථාවන්හිදි විවිධ වෙනස්කම්වලට බඳුන්වෙමින් අදටත් මහනුවර නගරය වසා වැජඹෙන රැජිණ හෝටල් ගොඩනැගිල්ල බි‍්‍රතාන්‍ය ජාතිකයන් අපට දායාද කළ මහඟු දායාදයක් බව අමතක නොකළ යුතුය.

විශේෂ ස්තුතිය – මහනුවර නගර සභාවේ ලෝක උරුම කමිටුව

Tags: නවතමවිශේෂ
Previous Post

අප්‍රේල් 01 දා සිට සහල්වලට රජයේ සහතික මිලක්…

Next Post

දරුවන් 50ට අඩු දකුණේ පාසල් 114ක් ගැන අවසන් තීන්දුව සතියක් තුළ

Related Posts

සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය
සංස්කෘතිය

සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

අප්‍රේල් 5, 2021
කූරගල දී සාධුකාර දෙන්නට පෙර ටිකක් නැවතී බලන්න.  
සංස්කෘතිය

කූරගල දී සාධුකාර දෙන්නට පෙර ටිකක් නැවතී බලන්න.  

මාර්තු 28, 2021
දොඩන්දූවේ ජාඩි පුරාණය
සංස්කෘතිය

දොඩන්දූවේ ජාඩි පුරාණය

මාර්තු 5, 2021
නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත
සංස්කෘතිය

නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

පෙබරවාරි 15, 2021
Next Post
දරුවන් 50ට අඩු දකුණේ පාසල් 114ක් ගැන අවසන් තීන්දුව සතියක් තුළ

දරුවන් 50ට අඩු දකුණේ පාසල් 114ක් ගැන අවසන් තීන්දුව සතියක් තුළ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව සොයාගෙන…
  • අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…
  • අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist