බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

by editor
සැප්තැම්බර් 21, 2023
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

  • ඇය අපායට යා යුතු දේශපාලන රූකඩයක්… රැක ගත හැකි සංරක්ෂිත ස්මාරකයක් විනාශ  කරන්නට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අවසර දෙන්නේ ඉතිහාසයේ පළමු වරට…. පුරාවිද්‍යා නිලධාරීහු කියති…  

පුරාවිද්‍යාව අධ්‍යක්ෂ ජනරාල්වරයා සතු උත්තරීතර වගකීම පිළිබඳ මෙළෝ හසරක් නොමැතිව දේශපාලන අභිලාෂයන් මත පමණක් එම තනතුරේ වැඩ බැලීමට පත් කරන ලද වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහගේ පුද්ගලික අභිලාෂය මත වරාය පරිශ්‍රයේ තිබූ ඕලන්ද යුගයට අයත් වසර 350ක් පැරණි ගැසට් කරනු ලැබූ පුරාවිද්‍යා ස්මාරකයක්වන  පෞරාණික ඕලන්ද බඩු ගබඩාව මේ වනවිට කඩා දමමින් විනාශ කරන බව සංවේගයෙන් ලියා දන්වමු.

බිඳ දමන පෞරාණික ඕලන්ද ගබඩාව…

මෙම ගොඩනැගිල්ල සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර ප්‍රකාශයට පත් කරන්නේ වර්ෂ 1999.06.18 දිනය.

එය ස්මාරක අංක 1085 ලෙස නම් කර තිබිණි. මේ පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීම සඳහා ප්‍රදීපා සේරසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබා දෙන්නේ පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ  පුරාවිද්‍යා   නිලධාරින්ගේ  බරපතල විරෝධතාවය නොසලකා වීම සැලකිය යුුතුව තිබේ.

එමෙන්ම මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ එහි වගකීම දරන බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලයට දැනුම් දීමට තරම්වත් ඇය සදාචාර සම්පන්න වී නැත.

සංරක්ෂිත ස්මාරකයක්ව පසුගිය සතිය වනවිටත් පැවති සියවස් තුන හමාරක් පැරණි ඕලන්ද බඩු ගබාඩව…

සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් අනීතිකව විනාශ කිරීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වුව ද  රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇය මේ අපරාධය කරන්නේ  රැක ගත හැකි පුරාවිද්‍යා ස්මාරකයක් විනාශ කළ ලංකා ඉතිහාසයේ පළමු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රදීපා සේරසිංහ මේ කටයුතු සිදුවන්නේ සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක ජාතික උරුම සංරක්ෂණය සම්බන්ධව ලොරි ටෝක් දෙමින් හතර අතේ ඇවිදින  වකවානුවක ඔහුගේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන්නට හැර වීමත් රටේ අවධානයට යොමු වී තිබේ.

ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාාරකයක් ලෙස ගැසට් කළ ගැසට් පත්‍රිකාව

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්ය සම්බන්ධ මෙළෝ හරසක් නැති, නිලධාරීන් සමග ශාස්ත්‍රීය ගනුදෙනුවක් කිරීමට පරිචයක් නැති ප්‍රදීපා සේරසිංහ නැමැති මෙම කාන්තාව වැඩ ආවරණය කිරීමට දේශපාලන පත්වීමක් ලෙස පත් කෙරෙන්නේ පසුගිය දා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි වෙනම නීති රාමුවකින් ආවරණය වන ආයතනයක,  අප වැනි රටක ජාතියේ සමස්ථ හරය රූපණය කිරීමේ වගකීම සහිත ආයතනයක ප්‍රධානියා වීම එම ආයතනය තුළින්ම ලද ශාස්ත්‍රීය හා ප්‍රායෝගික ශික්ෂණය මත සිදුවිය යුතු විය. ආචාර්ය සෙනරත් දිසානායක එම තනතුරේ වගකීම ආවරණය කරන වකවානුව දක්වා ඒ හැඩය පැවතිනි.

ස්මාරකය බිඳ දමන්නට අවසර දුන්නාට ස්තුතියි… මාර්ග සංවර්ධන අධිකාරියෙන් ප්‍රදීපා සේරසිංහට යැවූ ලිපිය…

එහෙත් ඉතිහාසයේ මුල්ම වරට දේශපාලන පත්වීමක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු අගමැති – සංස්කෘතික ඇමතිගේ අභිලාශය මත මහාචාර්ය අනුර මනතුංග දේශපාලන පත්වීමක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත් කරනු ලැබුවේය.

ඒ වනවිට එම ධූරය දැරීමට සුදුසුකම් සැපිරූ විද්වත් වෘත්තිකයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටිද්දී පිටින් ගෙනත් බැස්සවූ ආචාර්ය අනුර මනතුංග තමන් දරන ධූරය දැරීමට වෘත්තීය පෞරුෂයක් නැති බව රටටම පෙන්වා එම තනතුරින් ඉල්ලා අස් වූ පසු එහි වැඩ ආවරණය කරන්නට ආණ්ඩුව පත් කරන දේශපාලන පත්කිරීම ප්‍රදීපා සේරසිංහය.

මේ ගර්හිත දේශපාලනයේ රූකඩ විගඩමක් බවට පත් වී ඇති වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය  සිදුකිරීමට යන මෙම අපරාධය සම්බන්ධව පුරාවිද්‍යා නිලධාරීන් විසින් බලධාරින් මෙන්ම දේශපාලන පක්ෂ ද දැනුම්වත් කළත් මේ වනවිට සිදුවන ව්‍යසනය සිදුවී හමාරව ඇත.

වැඩේ ඉවරයි… රටේ අපරාධ නීතිය මේ කාන්තාවට ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කළුකඩ කාරයන්ගෙන් හදිසි මිලදී ගැනීම් සපුරා  නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක්!

Next Post

දේශිය දෙමුහුම් බඩඉරඟු ප්‍රභේදයෙන් සාර්ථක අස්වැන්නක්… ආනයනික ප්‍රභේදවලට වඩා ඵලදාව වැඩියි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.