දිනසේන රතුගමගේ –
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීයව නිපදවන ලද දෙමුහුම් බඩඉරිගු ප්‍රභේදයෙන් ඉතා සාර්ථක අස්වැන්නක් ලැබී තිබේ.
අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේ තෝරා ගත් ඉඩම් ප්‍රමාණයක මෙම දේශීය දෙමුහුම් බඩඉරිගු ප්‍රභේදය වගා කොට තිබූ අතර එම ප්‍රභේදයෙන් විදෙස් රටවලින් ආනයනය කරණු ලබන දෙමුහුම් බඩඉරිගු බීජ වලින් ලැබෙන ආදායම මෙන් එකහමාර ගුණයක ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබේ.
මෙම දේශීය දෙමුහුම් බඩ ඉරිගු බීජ එලඹෙන මාස් කන්නයේදි වවුනියාවේ ගොවීන් අතර බෙදා දී වසරකට වවුනියාවේ හෙක්ටයාර් 5000 ක පමණ භූමියක වගා කෙරෙන බඩඉරිගු වගාවෙන් විශාල අස්වැන්නක් ලබා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.