ලංකාවේ කොවිඩ් අසාදිත පුද්ගල මරණ 150 ඉක්මවා ගියේය. ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් 19 අසාදිත පුද්ගල මරණ තුනක් නිවේදනය කිරීමෙන් පසුය. මේ වනවිට වාර්තා වන මුලු මරණ සංඛයාව 152කි.
කොළඹ 10 පදිංචි අවුරුදු 62ක කාන්තාවක්, වත්තල පදිංචි අවුරුදු 71ක කාන්තාවක්, මාතලේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක් මෙසේ මිය ගිය අය වෙති. තිදෙනාම මිය ගොස් ඇත්තේ කොවිඩ් ප්‍රතිකාර සිදුවන රෝහල් තුළය.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනය මෙසේය.