දිනසේන රතුගමගේ –
වවුනියාවේ ආරක්ෂක අංශ වලට ලැබුණු සැකසහිත තොරතුරක් නිසා අද උදැසන වවුනියාවේ පිහිටි සියලුම කිතුණු දේවස්ථාන වල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.
ඒ අනුව පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව කිතුණු දේවස්ථාන වල ආරක්ෂාව දැඩි කොට තිබූ අතර දේවස්ථාන අසලින් ගමන් කළ සැකකටයුතු වාහන හා පුද්ගලයින්ද දැඩි පරීක්ෂාවට ලක් කරණු ලැබීය.
සිරිත් පරිදි කිතුණු බැතිමතුන් වවුනියාවේ දේවස්ථානවලට පැමිණි අතර ඔවුන්ගේ ආරක්ෂාවද ආරක්ෂ අංශ විසින් තහවුරු කරණු ලැබීය.
දේවස්ථාන වල දේව මෙහෙයන් හමාර වන තුරු වවුනියාවේ ආරක්ෂක අංශ එම දේවස්ථාන වල ආරක්ෂක කටයුතු වල නිරතව සිටියහ.