දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් අද (05) පෙරවරුවේ පේදුරුතුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
2018 වසරේ මහවිරු දිනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ ව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කොට තිබූ වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු ව ඇත.
අද උදේ 9.25ට පමණ ඔහුට අයත් වැල්වැටිතුරේ අම්මාන් කෝවිල්අඩි ප්‍රදේශයේ පිහිටි නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ වැල්වැටිතුරේ පොලිසියේ නිලධාරීන් පිරිසකි.
මුලතිව් අධිකරණයේ හා යාපනය අධිකරණයේ සිවාජිලිංගම්ට එරෙහිව නඩු තුනක් විභාග වෙයි.
ඔහු අද දින පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.