සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෘත්තීය ජයග්‍රහණ වනසන්න අමූලික බොරු ප්‍රචාරණයක් පටන් අරන්… ගුරු අධ්‍යාපනඥයෝ බොරුව හෙළි කරති!

by editor
නොවැම්බර් 15, 2021
in පුවත්
පාර්ලිමේන්තු වටරවුම අසල...

පාර්ලිමේන්තු වටරවුම අසල...

Share on FacebookShare on Twitter

පසුගිය 08 වැනිදා ඉසුරුපාය ඉදිරිපිට   ගුරු අධ්‍යාපනඥයන් විසින් දියත් කළ සාර්ථක උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රතිඵල නින්දාසහගත ලෙස කඩාකප්පල් කිරීම සඳහා එක්තරා කණ්ඩායමක් විසින්  වෙබ් අඩවියක් මෙහෙයවමින් අලජ්ජී ප්‍රචාරණයක් දියත් කර ඇති බව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ  වෘත්තීය සංගමය පවසයි.

ගුරු අධ්‍යාපනඥයන් විසින් ඉසුරුපාය අභියස සිදුකළ දැවැන්ත උද්ඝෝෂණයෙන් අනතුරුව මෙම විරෝධතාවයට සහභාගි වු කලුතර දිස්ත්‍රික්කයේ පිහිටි විද්‍යාපීඨයක කථිකාචාර්යවරයෙකුට හා කථිකාචාර්යවරියකට කොවිඩි වැලදි ඇති බවත්,  කොවිඩි වැලඳුන කථිකාචාර්යවරිය ගේ පවුලේ සියලු සාමාජිකයින්ටද කොවිඩ්  වැළඳී ඇති බවත් මෙම විරෝධතාවට සහභාගි වු දකුණු පළාතේ පිහිටි ගුරු විද්‍යාලයක කථිකාචාර්යවරුන් 16 දෙනෙකුට ද   කොවිඩි ආසාදනය වී ඇති බවත් දක්වා ඇති එම ප්‍රවෘත්තිය සාහසික විකෘතියක් බව එම සංගමයේ සංගමයේ ලේකම් ධම්මික මිරිහාන ලංකසරට පැවසීය.

“ මේක අශිෂ්ට ප්‍රචාරයක්.  අපි වෘත්තිකයො විදිහට අතිශයින්ම වගකීම් සහිතවයි මේ උද්ඝෝෂණය පැවැත්වනු ලැබුවෙ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හැකි හැම විටම ආරක්ෂා කළා. රටට ඉතාම වගකීම් සහගතව කිව යුතුයි.  කළුතර විද්‍යාපීඨයෙ කාටවත් කොවිඩ් හැදිලා නෑ.  දකුණු පළාතෙ ගුරු විද්‍යාලය තිබෙන්නෙ  බලපිටියෙ. බලපිටිය ගුරු විද්‍යාලයේ ඉන්නේ කථිකාචාර්යවරු 04යි. 16ක් නෑ. තව මේ අය කියලා තියනවා සිසිල් බීම බෝතලයක් 16 දෙනෙක් බීපු නිසා කොවිඩ් හැදිලා කියලා. මේ උද්ඝෝෂණයට සහභාගී වුණු කිසිම කෙනෙකුට සිසිල් බීම බෝතල් දුන්නෙ නෑ. කිරිපැකට් දුන්නෙ. කවුරුන් හෝ මේ ප්‍රචාරණය කරන අය මේ තරම් ප්‍රාථමික විය යුතු නෑ කියලා අපි විශ්වාස කරනවා.“.  ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට ගුරු අධ්‍යාපනඥයින්ගේ වෘත්තීය ව්‍යාපාරයේ ප්‍රබලත්වය මේ කටයුතුවලට අකුල් හෙළන පාර්ශවයන්ට දැඩිව දැනී ඇති අයුරු පෙනී යන බව කී සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ  වෘත්තීය සංගමය මේ වනවිට  සිවිල් සංවිධාන නියෝජනය කරමින් මෙම උද්ඝෝෂණයට  සහභාගී වූ සිංහලේ මහා ජාතික ව්‍යාපාරයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන් ලබන 24 දා උසාවියට කැඳවා ඇති බවද පෙන්වා දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගුරු අධ්‍යාපනඥයන් විසින් මහජනයාට අවහිරවන පරිදි උද්ඝෝෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් තලංගම පොලීසිය  අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව   මහේස්ත්‍රාත්වරයා විසින් 2021.11.24වන දින    අධිකරණයේ පෙනී සිටින ලෙසට ජඹුරේවෙල චන්දරතන හිමියන්ට  සිතාසි නිකුත් කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ උද්ඝෝෂණයට අධිකරණ කීපයක් වාරණ නියෝග නිකුත් කරයි… අධිකරණ කීපයකින් වාරණය ප්‍රතික්ෂේප වෙයි!

Next Post

සපුගස්කන්ද දින 50ක් වසා විදේශ සංචිත කළමනාකරණය කරගන්නා හැටි ගම්මන්පිල කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.