සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව අධිකරණ කිහිපයකින් වාරණ නියෝග නිකුත් කර තිබේ.
අලුත්කඩේ අංක 05, මහර අංක 01 හා 02, කඩුවෙල සහ හෝමාගම යන අධිකරණ විසින් එම වාරණ නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කිවේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව මෙම උද්ඝෝෂණ පැවැත්වීම ඊට හේතුව සේ දක්වා තිබේ.
මේ අතර සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලන ලෙස පොලීසිය විසින් සිදුකළ ඉල්ලීම මාළිගාකන්ද, ගංගොඩවිල සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කළේය.







