බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සපුගස්කන්ද දින 50ක් වසා විදේශ සංචිත කළමනාකරණය කරගන්නා හැටි ගම්මන්පිල කියයි!

by editor
නොවැම්බර් 15, 2021
in පුවත්
Gammanpila
Share on FacebookShare on Twitter

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට දින 50 ක කාලයකට  වසා දැමීමට තීරණය කළ බවත්, බොරතෙල් ආනයනය අත්හිටුවීමෙන් ඉතිරි වන විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩවන පෙට්ට්‍රල් ඩීසල්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, ගෑස් ආනයනය සඳහා යොදවන බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල  අද මාධ්‍ය හමුවකදී නිල වශයෙන් නිවේදනය කළේය..

ඇමතිවරයා කීවේ තෙල් පිරිපහදුව වසා දැමීම  ඉන්ධන සැපයුමට   කිසිදු බාධාවක් නොවන බවය. මේ රටේ සීමිත විදේශ සංචිත ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීමට ගනු ලැබූ තීන්දුවක් බවය.

සපුගස් කන්ද වසා දැමීම හේතුවෙන් මෙරට කිසිම ඉන්ධන හිඟයක් ඇති වීමේ  කිසිදු අවදානමක් නැතැයිද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

ඔහු මෙසේද ප්‍රකාශ කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“පසුගිය සැප්තැම්බර 29 මාධ්‍ය හමුවක් කැඳවලා මා අනතුරු ඇඟෙව්වා වගේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන්න තීරණය කළා. රටේ තියන සීමිත විදේශ විනිමය ප්‍රමාණය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට පමණක් යොමු කරමින් නිසි ලෙස එය කළමනාකරණය කරගැනීම කළ යුතු නිසා තමයි අපට මේ තීන්දුව ගන්න වුනේ. “

“අපේ තෙල් පිරිපහදුව වසර 51 පරණයි. මේ තෙල් පිරිපහදුවේ සියයට 31 නිශ්පාදනය වන්නෙ දැවි තෙල් සහ නැප්තා. විදුලි නිශ්පාදනයේ දී මේ දෙකම භාවිත කරනවා. තවත් සියයට 19ක් නිශ්පාදනය වන්නෙ ගුවන්යානා ඉන්ධන හා භූමිතෙල්.

පෙට්‍රල් සහ ඩීලස් නිශ්පාදනය වන්නේ සියයට 43යි.

මේ දිනවල අධික වැස්ස නිසා විදුලි නිශ්පාදනයෙන් සියයට 50ක් නිශ්පාදනය වන්නෙ ජලයෙන්. ඒ නිසා දැවිතෙල් අවශ්‍යතාවයක් නැති බව අපට විදුලිබල මණ්ඩලය පැත්තෙන් දැනුම් දීලා තියනවා.

ගුවන් යානා පැත්තෙන් බැලුවොත් කෙටි දුර ගමන් යන ගුවන් යානාවලට ගමන ආරම්භ කරන ස්ථානයෙන් ඉන්ධන අරන් එන්න පුලුවන්. දුර ගුවන්යානාවලට තමයි කොළඹින් තෙල් සැපයීම අවශය වන්නේ.  ඒ නිසා මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවි තෙල් හා ගුවන් යානා ඉන්ධන සියයට 56ක් නිශ්පාදනය කරන බොරතෙල් ආනයනය නතර කරලා ඒ වෙනුවෙන් වැයවන සීමිත විදේශ විනිමය පෙට්‍රල්, ඩීසල්, ඖෂධ අත්‍යාවශ්‍ය ආහාර ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවලට යොමු කරන්න තීරණය කළා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් සපයන්නෙ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් සියයට 14යි. සමස්ථ ඩීසල් අවශ්‍යතාවයෙන් සියයට 29යි. මේ ප්‍රමාණයත් පෙට්‍රල් ඩීසල් ලෙස ආනයනය කිරීම විදේශ විනිමය කළමනාකරණයේ දී වැදගත් වෙනවා.

මේ විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහාම අපි බොරතෙල් ආනයනය ආරම්භ කරනවා. උපරිම වශයෙන් දින 50ක් පිරිහපදුව වසා දැමීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ තත්වය අපි සැප්තැම්බර් 29 දා මාධ්‍ය හමුවක් තබා පැහැදිලි කළා. මෙය නැවුම් ප්‍රවෘත්තියක් නොවෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෘත්තීය ජයග්‍රහණ වනසන්න අමූලික බොරු ප්‍රචාරණයක් පටන් අරන්… ගුරු අධ්‍යාපනඥයෝ බොරුව හෙළි කරති!

Next Post

කාර්පට් දමා මාස පහයි… දැන් පයින් යන්නත් බෑ… කාලිංගවිල මිනිසුන්ගේ අවනඩුව!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.