තමන්ට රුචි තීන්දු ලබා ගැනීම සඳහා විනිසුරුවරුන්ටත් බලපෑම් කරන ජනාධිපති නීතිඥවරයෙක් සම්බන්ධව සියලු විස්තර ඉදිරියේ දී පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර පවසයි.
ජනාධිපතිවරයා හෝ නොකරන එම සමාජ විරෝධී අපරාධය ජනාධිපතිවරයා විකුණමින් මේ ජනාධිපති නීතිඥයා සිදුකරන බව දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියයි.
අද පැවති පුවත්පත් සාකච්ඡාවක් අතරතුර ඔහු ඒ සම්බන්ධව හෙළි කළේ මෙසේය.
“එක නීතිඥයෙක් මේ රටේ විනිශ්චයකාරවරුන්ට කරන බලපෑම් සම්බන්ධව මා දිරියේ දී පාර්ලිමේන්තුවෙදි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නීතිඥයාගේ හැසිරීම පැහැදිලි සාක්ෂි ඇතිව ඔප්පු කරන්න මා බලාපොරොත්තු වෙනවා. “
“මොකද මේ රටේ රනිල් වික්රමසිංහ මහත්තයා එ් වැඩේ කරන්නෙ නෑ. හැබැයි ඔහුව විකුණමින් වැඩ කරනවා නීතිඥයෙක්. ඔහුගෙ නමත් එක්ක මම හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ දි. “
“මේ අදාල නීතිඥවරයා ජනාධිපති නීතිඥවරයෙක්. ඔහු පැහැදිලිව මේ රටේ අධිකරණයට විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන තැනට දැන් පත්වෙලා තියෙන්නේ.”
දයාසිරි ජයසේකර කීවේය.