ඉන්දීය ගුවන් සමාගමක්වන ඉන්ඩිගෝ අද (12) සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව සීමාසහිත ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම පවසයි.
ඒ අනුව සතියකට තුන් වතාවක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මුම්බායි – කොළඹ ඍජු ගුමන් ගමන් ඉන්ඩිගෝ ගුවන් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ඇත.
වර්තමානයේ ඉන්ඩිගෝ සමාගම කොළඹ සිට ඉන්දියාවේ ගමනාන්ත තුනකට (චෙන්නායි දිනකට දෙවරක්, බැංගලෝර් දිනකට එක් වරක් සහ හයිද්‍රාබාද් සතියකට දින හයක්) ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
මුම්බායි – කොළඹ ගුවන් ගමන් ආරම්භයත් සමඟ එය ගමනාන්ත හතරක් දක්වා ඉහළ යනු ඇති අතර, එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක, වෙළෙඳ සහ සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ඉමහත් දායකත්වයක් සපයනු ඇති බව සීමාසහිත ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම පවසයි .
නව ගුවන් ගමන් වාර ආරම්භයත් සමඟ ඉන්ඩිගෝ ඉන්දියාවේ ප්‍රධාන නගර හතරකින් කොළඹට සතිපතා ගුවන් ගමන් 30 ක් ක්‍රියාත්මක කරනු ඇත.
තවද ඉන්ඩිගෝ ගුවන් සමාගම 2024 ජූනි 1 වැනිදා සිට දෛනික ගුවන් ගමන්වාර සමග යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කරන බව ද සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සභාපති අතුල ගල්කැටිය කියයි.