සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල්වලට ඔසුසල් මගින් ඖෂධ මිල දී ගැනීමේ දී   ඖෂධ මිල සියයට 1300ක් දක්වා  වැඩි වෙලා…

by editor
අප්‍රේල් 25, 2022
in පුවත්
medicine-capsules
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන කූඨ වැඩපිළිවෙළ හේතුවෙන්  ඖෂධ මිලදී ගැනීම් වෙනුවෙන් අධික මිලක් ගෙවීමට සිදුව ඇති බවත් එය සියයට 1300ක මිල වැඩිවීමක් බවත් වෛද්‍ය සහ සිවිල්  අයිතිවාසිකම් පිළිබඳ  වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

මේ වන විට රෝහල් තුළ පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීමට හදිසි මිලදීගැනීම්වලට යාමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට සිදුවීම හේතුවෙන් මේ තත්වය ඇති වී තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

මේ හදිසි මිලදී ගැනීම් වලදී රජයේ ආයතනයක් විසින් රජයේම ආයතනයන් සූරා කෑමට පටන් ගැනීම පුදුම උපදවන්නක් යැයි වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියයි.

රෝහලකට යම් ඖෂධයක හිඟයක් පවතින්නේ නම් එම ඖෂධය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින්  ඖෂධ සමාගමකින් මිලදී ගෙන රෝහල්වලට ලබාදිය හැකි. නමුත් දැන් සිදුවන්නේ  සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත ඖෂධ සමාගම්වල පවතින ඖෂධ  ඔසුසැල්වලින්   මිලදී ගැනීමය.

මෙහිදී රෝහල්වලට අවශ්‍ය ඖෂධ  ප්‍රාදේශීයව  මිලදී ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමත්‍යංශය දැනුම් දුන්නද එම ඖෂධ සමාගම්වල ඖෂධ නොමැත. ඇත්තේ  ඔසුසැල්වල පමණක් බැවින් ඒවා මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට සිදුව ඇත.  මෙහිදී සියයට 1300ක්  මිල ඉහළ ගොස් ඇති බව අධ්‍යක්ෂවරුන් පෙන්වා දී ඇතැයි වෛද්‍ය චමල් සංජීව පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මාළිගාවත්ත වකුගඩු රෝහලට අවශ්‍ය Mycophenolate 250mg නැමැති  ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලදී ගෙන රෝහල්වෙත නිකුත් කරන්නේ නම්  එහි මිල රුපියල් 22.90ක් වන නමුත් මෙය ඔසුසැලෙන් මිලදීගන්නේ නම් ඒ සඳහා රෝහලට වැයකිරිමට සිදුවන මුදල රුපියල් 227කි. මෙය සියයට 991ක වැඩි වීමකි.

මෙම මිල වැඩිවීම තවදුරටත් විග්‍රහ කරමින්  තම රෝහලට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලදී ගෙන රෝහල් වලට  ලබා දෙන්නේ නම් මසකට වැය කිරීමට සිදුවන මුදලට සාපේක්ෂව ඖෂධ  ඔසුසල්වලින් මිලදීගැනීමට යාමෙන්   වැයකිරිමට සිදුව ඇති අමතර මුදලේ ප්‍රතිශතය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස්  නුගවෙල  ලිඛිතව වෛද්‍ය සැපයුම් අංශයට දන්වා එවා ඇත.

සියලුම රෝහල්වල තත්ත්වය මෙය බවද වෛද්‍ය චමල් සංජීව පෙන්වාදේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තර්කාලීන ආණ්ඩුවකට කැමතියි… ජනපති මහා නායක හිමිවරුන්ට ලිඛිතව දන්වයි…

Next Post

හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් අන්තර්වාර ආණ්ඩුවක් සමග රාජ්‍ය සභා යෝජනාවක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.