සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් අන්තර්වාර ආණ්ඩුවක් සමග රාජ්‍ය සභා යෝජනාවක්!

by editor
අප්‍රේල් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අමාත්‍යවරුන් දොළොස්  දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් සමඟ මාස හයක කාලයක් සඳහා අන්තර්වාර රජයක් පිහිටවිය යුතු බවටත් විධායක ජනාධිති ධුරය අහොසි කිරීම ඇතුළු ව්‍යවස්ථ සංශෝධන කිහිපයක් සිදු කළ යුතු බවටත් හිපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග  යොජනාවලියක් ඉදිරිපත් කොට තිබේ.

විද්වත් මණ්ඩලයක්  සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ඇය මෙම යෝජනාවලිය සකස් කොට ඇති අතර එමඟින් රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති රෙගුලාසි කෙටුම්පත් කිරීම සඳහා සාමාජිකයන් 75 දෙකුනෙගේ සමන්විත රාජ්‍ය සභාවක් පිහිවුවිය යුතු බවටද ඇය යෝජනා කර තිබේ.

හිටපු ජනපතිනිය විසින් කරන ලද යෝජනාවලට අනුව පිහිටුවනු ලබන අන්තර්වාර  ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති විය යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින්  පාර්ලිමේන්තුවේ බහුතර  විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැති ලෙස පත් කර ගත  යුතුය.   එමෙන්ම  අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ  ප්‍රධානියා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වේ.

අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස ව්‍යවසථා සංශෝධන   කිහිපයක් යෝජනා කර ඇත.  ඇයට අනුව එයින් පළමුවැන්න විය යුත්තේ විධායක ජනාධිති ක්‍රමය අහෝසි කොට නාමික ජනාධිපතිවරයකු පත් කර ගැනීමය. ඊට අමතරව  ජාතික ප්‍රතිපත්ති සඳහා වූ රාජ්‍ය සභාවක් (Council of State ) පිහිටුවීමට ඇය යෝජනා කරයි.

රජයේ  ප්‍රතිපත්ති, නීති සහ රෙගුලාසි කෙටුම්පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ  සියලු කාරණා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය  සභාව සමඟ සාකච්ඡා කර ක්‍රියා කළ යුතුය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීන්දු කිරීමේ දී හා ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පුරවැසියන්ගේ ඵලදායී සහභාගීත්වය ලබා ගනිමින් රාජ්‍ය සභාව  ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ප්‍රවර්ධනය කරමින් අධිකාරීවාදය වළක්වාලීමට කටයුතු කරනු ලැබේ.

රාජ්‍ය සභාව එහි රාජකාරි ඉටු කිරීමේදී අමාත්‍ය මණ්ඩලය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන සමඟ මනා සහයෝගයකින් කටයුතු කළ යුතුය.

එමෙන්ම විශේෂ නීති සහ ප්‍රතිපත්ති රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රාජ්‍ය සභාව  විසින් ඒවා සමාලෝචනය කරනු ඇත. මෙම සභාව  විසින් කැබිනට් මණ්ඩලයට සහ රජයට නීති පනත් යෝජනා කරනු ඇත.

රාජ්‍ය සභාව රජයේ ප්‍රතිපත්ති සමාලෝචනය කරනු ඇත. විශේෂයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන, ආර්ථිකය, රාජ්‍ය පාලනය, දූෂණය පිටුදැකීම හා ආණ්ඩුවේ විනිවිද භාවය සම්බන්ධ කරුණු මෙන් ම අධ්‍යාපනය ඇතුළු සියලු ප්‍රතිපත්ති සභාවේ සමාලෝචනයට බඳුන් වේ. ඒමෙන් ම ආර්ථික ප්‍රතිපත්ති සහ සියලු සංවර්ධන කටයුතු පිළිබද යෝජනා රජයට ඉදිරිපත් කිරීමේ වගකීම ද රාජ්‍ය සභාව සතු වේ.

රජයේ  ප්‍රතිපත්ති සැකසීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය සභාව සිවිල් සමාජයේ විවිධ අංශ  වෘත්තියවේදීන්, ව්‍යාපාරිකයින්, පෞද්ගලික අංශය, විද්වතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන ආදි  පාර්ශවයන් අතර අන්තර් සංවාදයන් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු ය.

මෙම රාජ්‍ය සභාවට  සමාජයේ සියලුම පාරශ්ව  නියෝජනය කිරීමට යොජනා කර ඇතත්  දේශපාලන පක්ෂවලින්  තේරී පත් වූ මන්ත්‍රීවරුන්, ස්වාධීනව පත් වූ මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් රාජ්‍ය සභාවේ සාමාජිකත්වය සඳහා සුදුසුකම් නොලබයි.

සිවිල් සමාජ සංවිධාන, විද්වතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන විසින් නිර්දේශ කරනු ලබන සාමාජිකයන් 75 දෙනෙකුගෙන් සහ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරන ලද සාමාජිකයින් 26 දෙනෙකුගෙන් සභාව සමන්විත වේ.

සිවිල් සමාජ නියෝජිතයන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ගණකාධිකාරිවරුන්, ඉංජිනේරුවන්, මිනින්දෝරුවන්, තක්සේරුකරුවන්,  ගුරුවරුන්  සහ විදුහල්පතිවරුන් සහ වෙනත් වෘත්තීන් නියොජ්නය කරන වෘත්තීය සංගම්වලින් සාමාජිකයින් 25 දෙනෙකු පත් කිරීමට යෝජනා කර ඇති අතර  කලාකරුවන් ,  පෞද්ගලික අංශය, විද්වතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනයක්ද යෝජනාකොට තිබේ.

රාජ්‍ය සභාවේ මුළු සාමාජිකයින් සංඛ්‍යාවෙන් 40% ට නොඅඩු පිරිසක් වයස අවුරුදු 40 ට අඩු විය යුතු   බවත් කාන්තා නියෝජනය සමස්තයෙන් 40%ක්   විය යුතු බවත් හිටපු ජනාධිපතිනිය  පෙන්වා දී ඇත. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහල්වලට ඔසුසල් මගින් ඖෂධ මිල දී ගැනීමේ දී   ඖෂධ මිල සියයට 1300ක් දක්වා  වැඩි වෙලා…

Next Post

යලට රසායනික පොහොර නොදුන්නොත් ගොවි බිම් වලින් ඉවත් වෙනවා… අක්කර 60 000ක් පුරන් වේවි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.