වසර 11කට පසු ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව අද පෙරවරු 11.14ට පමණ අම්පාර පානම මුහුදේ සිදුවී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කළේය.
රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක අගයකින් යුත් මෙම භූමි කම්පාව සිදු වී ඇත්තේ කුඹුක්කන් ඔය මුහුදට එක්වෙන මෝය කටේ සිට කිලෝමීටර් 14ක් නැගෙනහිරින්වූ මුහුදේය.
එම භූ කම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇතැයි වාර්තා වේ. මීට පෙර 2009 වර්ෂයේදී රිච්ර්ට් ඒකකයේ 4.5ක පමණ අගයකින් යුත් භූමිකම්පාවක් පානම මුහුදෙන් වාර්තා විය.
කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් කිසිදු සුනාමි අනතුරක් නොමැති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සඳහන් කරයි.
.







