සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් සභාපති එළඹෙන නිලවරණයේදීත් තනතුර රැකගන්න අලජ්ජී මෙහෙයුමක….

සල්ලිවලට මාධ්‍ය කණ්ඩායමක් අරන්... මඩ වැඩ ඇරෙඹන්න නියමිතයි...

by editor
පෙබරවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

විශේෂ ලියුම්කරුවෙක් විසිනි –

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපතිවරයා  එළැඹෙන ක්‍රිකට් නිලවරණයේදී සිය සභාපතිධුරය රැක ගැනීමට අවශ්‍ය පසුබිම කුමන්ත්‍රණකාරී අයුරින් සකස් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ පාර්ශ්වයට පසුගිය කාලය පුරා විවිධ දූෂණ වංචා චෝදනා එල්ල වූ නිලධාරීන් පිරිසක් ද ඇතුළත් වන අතර මෙවර නිලවරණයේදී නැවත බලය තහවුරු කරගැනීම සඳහා ඔහු මාධ්‍යවේදීන් පිරිසක් ද කුලියට ගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය රජය සමයේ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශයට පස්සා දොරින් රිංගා ගත් හිටපු ක්‍රීඩා මාධ්‍යවේදියකුගේ සම්බන්ධිකරණයෙන් මෙරට ජාතික පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ආයතනන කිහිපයක මුදලට ගිජු මාධ්‍යවේදීන් කිහිපදෙනකු  මේ සඳහා භාවිත කරමින් සිය ප්‍රතිවාදී පාර්ශ්වලට මඩ ගැසීමටත්, සිය ප්‍රතිරූපය පුම්බා ගැනීමටත් ඔහු කූට වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික පුවත්පතක සේවය කළ එම ක්‍රීඩා මාධ්‍යවේදියා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශයේ කළමනාකාර තනතුරට ඉව අල්ලමින් සිටින බවත්, නිලවරණයෙන් පසුව සභාපතිවරයාගේ වරප්‍රසාද යටතේ එම තනතුර ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙසේ ඔහුගේ න්‍යාය පත්‍රයට අනුව මෙරට ජාතික පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ආයතනන කිහිපයක මුදලට ගිජු මාධ්‍යවේදීන් කිහිපදෙනකු සම්බන්ධිකරණය කරමින් අවශ්‍ය වැඩ කටයුතු සිදු කරමින් සිටින බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශයේ අදාළ පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී කිලෝමීටර් 2ක දුර ප්‍රමාණයක් දිව යමින් සිය ශාරිරික යෝග්‍යතාව මැන බැලීම ඔවුනට හොර රහසේ වීඩියෝ ගත කරමින් අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කරනු ලැබූ බවට ද චෝදනා එල්ල වී තිබේ. ඔහු එම කාර්යය සිදු කරනු ලැබුවේ ද සභාපතිවරයාගේ උපදෙස් අනුව බවත්, මෙම තැනැත්තා  සභාපති තනතුර රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පවා අපකීර්තියට පත් කිරීමට හෝ බිල්ලට දීමට පසුබට නොවන ආකාරයේ පුද්ගලයකු බවත් ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙරට ජාතික පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ආයතනන කිහිපයක මුදලට ගිජු මාධ්‍යවේදීන් කිහිපදෙනකු තමා සභාපතිධුරය දරන සී.සී.සී. ක්‍රීඩා සමාජ ශාලාවට ගෙන්වා ඔවුන්ට මධුවිතින් හා ආහාරපානාදියෙන් සංග්‍රහ කොට මුදල් තිළිණයක් ද පිරි නමමින් ප්‍රතිවාදී පාර්ශ්වයන් හි කීර්තිනාමයට හානි වන  අයුරින් සහ තම ප්‍රතිරූපය ඉස්මතු වන අයුරින් වාර්තා පළ කරන ලෙස  උපදෙස් දී ඇතැයි එම අවස්ථාවට එක්වූ පසුව ඊට අවනත නොවූ තවත් මාධ්‍යවේදියකු හෙළිදරවු කර ඇත.

තමා නැවත බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන සියලුම විදෙස් සංචාර ආවරණය කිරීම එම මාධ්‍යවේදීන්ට පමණක් ලබා දෙන බවටත්,  ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බවටත් සභාපතිවරයා එම මාධ්‍යවේදින්ට පොරොන්දුවී ඇති අතර ඒ අනුව මාධ්‍යවේදින් දැනටමත් ඔහුගේ උපදෙස් අනුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

රජයේ හා පෞද්ගලික මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදින් කිහිපදෙනකු එසේ මේ තැනැත්තාගේ මුදල් වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රය ගණිකා වෘත්තියේ යෙදවීම එම ක්ෂේත්‍රයේ සෙසු මාධ්‍යවේදින්ගේ දැඩි පිළිකුලට හා අප්‍රසාදයට ලක්වී ඇති බව ද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෑතකදී ලංකාව ආසන්න මුහුදේ සිදු වූ ප්‍රබලම භූමි කම්පාව වාර්තා වේ…

Next Post

ශ්‍රී ලංකාවේ උපන් රංග ඩයස් නැගී එන නායකයකු ලෙස TIME සඟරාව නම් කරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.