ලලිත් චාමින්ද –
-
අවුරුදු දෙකක් තිස්සේ කිසිම අධ්‍යාපනයක් නෑ… මාර්ගගත අධ්‍යාපනය පිරිවෙන්වල ක්‍රියාත්මක වෙන්නෙ නෑ…
-
බුද්ධශාසන අමාත්‍යංශයක් තියෙනවා… පිරිවෙන් අංශයක් තියනවා… මේ කිසිම කෙනෙක් භික්ෂු අධ්‍යාපනය ගැන හොයන්නෙ නෑ…
කොවිඩි වසංගතය නිසා දැනට වසර දෙකකට ආසන්න කාලයක සිට පිරිවෙන්වල අධ්‍යාපන කටයුතු සිදුනොවිම නිසා ඇතැම් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා සිවුරුහැර උපවැදි විමේ තත්වයක් දක්නට ඇති බැව් ගාල්ල කඩවත්සතර හා තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාමාධිපති මතුගම ගුණරතන නාහිමියෝ පවසති.
මහනායකහිමිවරු මැති ඇමතිවරුන්ගේ හා වෙනත් ප්‍රශ්න සදහා මැදිහත්වන බවත් පිරිවෙන් අධ්‍යාපනයට ගැන කථා නොකරන අතර උන්වහන්සේලා ගොලුවි ඇති බවද මතුගම ගුණරතන නාහිමියෝ පැවසුහ.
අක්මිමන තල්ගස්යාය ශ්‍රි අස්වත්ථාරාම විහාරස්ථානයේ ඊයේ (03) පස්වරුවේ දි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙසේද පැවසුහ.
“සෞඛ්‍ය උපදෙස්වලට අනුව කඩනමින් පිරිවෙන් යලි විවෘත කිරිමට කටයුතු කළයුතුයි. ඒ සදහා අවශ්‍ය පරිසරය නිර්මානය කළයුතුයි. කොවිඩි වසංගත තත්වයත් සමග පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු නතරවෙලා. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ද පිරිවෙන්වල සිදුවන්නේ නැහැ. මේ ගැන කවුරුවත් හොයන්නේ නැහැ. මෙම තත්වය නිසා ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා දැඩි අසරණ තත්වයට පත්වෙලා. ‘
“කොවිඩ් වසංගතයත් සමග දැනට වසර දෙකක කාලයක සිට ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාට විහාරස්ථානවලට වෙලා සිටිමට සිදුවෙලා තියෙනවා. බුද්ධශාසන අමාත්‍යංශයක් තියෙනවා පිරිවෙන් අංශයක් තියෙනවා. නමුත් ඒ අංශවලින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගැන සොයන්නේ නැහැ. “
“පාසල් දරුවන් නම් මාර්ගගත අධ්‍යාපන කටයුතුවල නිරතවෙනවා. නමුත් පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට එම තත්වය අහිමිවෙලා. “
මේ පිළිබද මහනායක හිමිවරුන්ගේ අවධානය යොමුවිය යුතුව ඇති බවද මතුගම ගුණරතන නාහිමියන් සඳහන් කළහ. පිරිවෙන් අධ්‍යාපන කටයුතු කරගෙනයාම සදහා සුදුසු වාතාවරණයක් ඇති කරදෙන ලෙස මාධ්‍ය හමුවට එක්වු අක්මිමන ධම්මසාර, කැකිරිවේ ධම්මවිනිත, අක්මිමන සිරිධම්ම යන සාමනේර භික්ෂුන් වහන්සේලා ද බලධාරින්ගෙන් ඉල්ලා සිටියහ.







