තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.එම මරණ අතරට කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අයත්ය.
දිනකට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 50කට අඩුවෙන් වාර්තා වූයේ මාස දෙක හමාරකට පසුය.
වාර්තාවන මරණ 40ත් සමග මෙරට නිල වශයෙන් වාර්තා කළ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,059ක් දක්වා ඉහළ ගියේය.
මේ සම්බන්ධව රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. 







