මනම්පිටිය නිමල් ජයරත්න –
මවුපියන්ගේ ආර්ථික ගැටලු හේතුවෙන් පාසල් ගමන නවතා දිඹුලාගල දළුකාන ගම්මානයේ පාසල් යන වයසේ ළමුන්, මවුපියන් සමඟ දිඹුලාගල කන්දේ ගොස් ගල් සියඹලා කඩා ඒවා පැකට් කර එක් මල්ලක් රුපියල් සියය බැගින් අලෙවි කිරීමට පුරුදුව සිටිති.
දළුකාන ගම්මානයේ ආදිවාසී දරුවන් සහ තවත් දරුවන් පිරිසක් මෙලෙස මවුපියන් සමඟින් මේ දිනවල උදෑසන දිඹුලාගල කන්දේ නගිමින් දහවල් වන විට එම සියඹලා දළුකාන වැව අසලට සහ, මඩකලපුව, පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ආච්චිබෝක්කුව ප්‍රදේශයට ගෙනවිත් මල්ලක් රුපියල් සීයකට මුදලකට අලෙවි කරගෙන තම ජීවිත ගැටගසා ගනිති.
දළුකාන ප්‍රාථමික විද්‍යාල සහ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපන ලබන මෙම සිසුන් තම දෙමව්පියන්ට පවතින ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීමට ගල් සියඹලා විකුණන අතර අද (01) උදේ දළුකාන වැව අසලදී අපට දැක ගත හැකි විය.
මුණගැසුණු දරුවන් කිහිප දෙනෙකු සඳහන් කළේ දෙමව්පියන්ට තමන්ට බස් ගාස්තු දීමට අම්මලාට සල්ලි නැති බවය.
බඩගින්නට විසඳුමක් ලෙස මෙලෙස මවුපියන් සමඟ දිඹුලාගල කන්දේ ගොස් ගල් සියඹලා විකුණා,තම ජීවිතය ගැට ගසාගන්නට හදන නොදරුවන් ගේ ජීවිත ඛේදවාචකයට මෙතෙක් කිසිවෙක් විසඳුමක් ලබා දී නැත.
මේ වනවට දළුකාන ආදිවාසී ගම්මානයේ දරුවන් 15 දෙනෙක් පමණ පාසල් ගමන නවත්වා තම දෙමව්පියන් සමඟ දිඹුලාගල කන්දේ ගොස් ගල්සියඹලා කඩා අලෙවි කර මුදල් උපයා ගැනීමට පුරුදුව සිටිති.
දරුවන්ගේ ලෝකය ලස්සන කරන්නට බලය ලබා ගත් දේශපාලනයේ ශේෂ පත්‍රය අප දකින්නේ එසේය. යළිත් වරක් දරුවන්ගේ ලෝකය ලස්සන කරන්නට උන් බලය ඉල්ලමින් යනු දකිමු.