ලලිත් චාමින්ද –
ඉකුත් වර්ෂයේ දි (2022) බන්ධනාගාරගත වු රැඳවියන්ගෙන් 2340 දෙනෙකු උපාධිධාරින් බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික, හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
බන්ධනාගාරගත වු උපාධිධාරින් අතුරින් 41 දෙනෙකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයින් සංඛ්‍යාව 2,299කි. ඉකුත් වසර තුන තුළදි වැඩිම උපාධිධාරින් සංඛ්‍යාවක් බන්ධනාගාරගතවි ඇත්තේ 2022 වර්ෂයේ දී බවද මෙකී සංඛ්‍යා දත්ත මගින් පෙන්වා දි ඇත.
උපාධියට වඩා ඉහළ අධ්‍යාපනය ලැබු පුද්ගලයින් 121 දෙනෙකු ඉකුත් වර්ෂය තුළ බන්ධනාගාරගතවී ඇත. ඉකුත් වර්ෂය තුළදී බන්ධනාගාර ගතවු රැඳවියන් අතුරින් අ.පො.ස උසස්පෙළ සමත් වු රැදවියන් සංඛ්‍යාව 8420කි. අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් රැදවියන් සංඛ්‍යාව 7168 දෙනෙකි. අඩුම සංඛ්‍යාවක් බන්ධනාගාර ගතවි ඇත්තේ පාසල් නොගිය පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව 836කි. 08 ශ්‍රේණිය සමත් පුද්ගලයින් 6,747 දෙනෙකු ඉකුත් වර්ෂය තුළ බන්ධනාගාරගතවි ඇත.
ඉකුත් වර්ෂය තුළදි බන්ධනාගාරගත වු 30,331 ක් වන මුළු රැදවියන් සංඛ්‍යාව අතුරින් 17 928 දෙනෙකුම ඉහල අධ්‍යාපන සුදුසුකම් ලැබු අය බවද මෙකී සංඛ්‍යා දත්ත මගින් පෙන්වා දි ඇත.