පකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබේ.
පකිස්ථානයේ වයඹ දිග Bajaur දිස්ත්‍රික්කයේ සිදුවූ පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 200 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවට සාක්ෂි ලැබී ඇති බව පොලිසිය බීබීසී සේවය වෙත පවසා තිබිණි.
මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුමක් අවසන් කර ඇති අතර තුවාල ලැබූ සියලු දෙනා රෝහල් ගත කර ඇති බව නිලධාරීහු පවසති.
ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශය වටලා තිබේ. තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට රජයේ නිලධාරීන් අනතුරු අඟවා ඇත.
ප්‍රහාරය පිටුපස ඇති ඉලක්කය තවමත් පැහැදිලි නැත.
ඇෆ්ගනිස්ථානයේ දේශසීමාව ආසන්නයේ, කයිබර් පක්තුන්ක්වා පළාතේ, පකිස්ථාන ගෝත්‍රික දිස්ත්‍රික්කයේ, බජාවුර්හි, ඛාර් නගරයේ අද JUI-F කම්කරු සම්මේලනයේ මෙම රැස්වීමට සියගණනක් ජනයා සහභාගී වෙමින් සිට ඇත.
ප්‍රාදේශීය රූපවාහිනී සංදර්ශන වලින් පෙනී ගියේ ගිලන්රථවල වලින් ත තුවාල ලැබූවන් රෝහලට ගෙන යන දර්ශනය. හමුදා හෙලිකොප්ටර් මගින් ප්‍රතිකාර සඳහා අසල පිහිටි පෙෂාවර් වෙත රෝගීන් ගෙන යන ආකාරයත් විකාශය වෙමින් තිබිණි.
බලධාරීන් විසින් දිස්ත්‍රික් රෝහලේ සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත. දරුණු ලෙස තුවාල ලැබූ සමහර අය සෞඛ්‍ය සායන ශාලාවල රැඳී සිටිනුයේ මරණය සමග පොරබදමින් බව බීබීසි වාර්තා කරයි.
JUI-F හි කලාපීය නායකයෙකු වන මවුලානා සියාවුල්ලා පිපිරීමෙන් මිය ගිය බව ප්‍රාදේශීය නිලධාරීන් බීබීසී වෙත පවසා ඇත. JUI-F යනු ප්‍රධාන ආගමික දේශපාලන පක්ෂයක් වන අතර පකිස්ථාන පාර්ලිමේන්තුවේ ආන්ඩුවේ සභාගයේ කොටසක් වේ.
පක්ෂයේ නායක ෆසාල්-උර්-රෙහෙමාන් පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඉල්ලා ඇත්තේ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසය.
මෙම දේශපාලන රැස්වීම මෙම වසර අගදී පැවැත්වීමට අපේක්ෂිත මැතිවරණයකට පෙර JUI-F ට සිය සහයෝගය ලබා ගැනීමේ පරමාර්ථ සහිතව සංවිධානය වී තිබිණි.
ප්‍රහාරයයේ වගකීම කිසිවෙක් මෙතෙක් භාරගෙන නැත. – බීබීසී







