කොළඹ කෙසෙල්වත්ත පොලිස් වසමේ මාර්ටිස් ලේන් ප්රදේශයේ හෝටලයක් තුළ දී 20 හැවිරිදි තරුණයෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ අයුරු සීසිටීවී දර්ශනවල සටහන්ව තිබේ.
මුහුණ ආවරණය කරගත් ඝාතකයින් දෙදෙනෙක් හෝටලය තුළට ගොස් එහි රැඳී සිටි මෙම තරුණයාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් යන ආකාරය පෙනේ. හෝටලයෙන් පිට සිටින පුද්ගලයෙක් ඝාතකයන්ට ඔත්තුව ලබා දෙන ආකාරයත්, අනතුරුව ඔහු එම ස්ථානයේන පිටවී යෑමත් සමග ඝාතකයින් පැමිණ අදාල තරුණයාට වෙඩි තබන ආකාරයත් විමර්ශන අංශ විසින් නිරීක්ෂණය කර ඇත.
මියගොස් ඇති තරුණයා කොළඹ 12 ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව කියැවේ. මෙම තරුණයා කෙසෙල්වත්ත දිනුක නැමති පාතාල නායකයා මරා දැමීමෙන් අනතුරුව එහි බලය මෙහෙයවන කෙසෙල්වත්ත ධනුක නැමැත්තාගේ සමීප ගෝලයින් ඇසුරු කරමින් ඔවුන්ගේ බලය පෙන්වා මැරකම් කරමින් සිටි පුද්ගලයෙක් බව ද මූලික විමර්ශනවදී අනාවරණය වී ඇත.
කෙසෙල්වත්ත ධනුක නැමැත්තා මේ වනවිට ඉන්දියාවේ බන්ධනාගාරතව සිටින අයෙකි.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත. මෙම වෙඩි ප්රහාරය සම්බන්ධ නිශ්චිත හේතුවක් මේ වනතුරුත් සොයාගෙන නැත.
කෙසෙල්වත්ත පොලිසිය මෙම ඝාතනයට හේතුව සහ ඝාතකයින් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඝාතනය සිදුවූ අයුරු….







