පැරණි සංඛ්‍යා ලේඛණ මත පදනම්ව ලෝකයේ මන්දපෝෂණය අතින් හය වැනි ස්ථානයට හො දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම් කළ ළමා මන්දපෝෂණය පිළිබඳ යුනිසෙෆ් ආයතනයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලෙකම් ජනක ශ්‍රි චද්‍රගුප්ත විසින් ප්‍රතික්ෂේප කරන්නේ නම් අප දැන් ප්‍රායෝගිකව ගත කරන්නේ එදාට වඩා බිහිසුණු තැනක බව සිහිපත් කළ යුතු බව වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා අද පාර්ලිවෙම්න්තුවේ දී පැවසුවේය.
ඔහු පැවසුවේ ලේකම්වරයා කාගේ හෝ හොරණෑවක් වී පැරණ සිංඛ්‍යා දත්ත මත පදනම් වී ඇතැයි කියන මේ වාර්තාව වත්මන් සංඛ්‍යාලෙඛණ හා දත්ත මත විශ්ලේෂණය කළහොත් ලෝකයේ මන්දපෝෂණය අතින් පළමු තැනට පත්වන රට ශ්‍රී ලංකාව විය හැකි බවය.
මෙය සංඛ්‍යා ලේඛණ සම්බන්ධ ප්‍රශ්නයක් නොව ජාතියක අනාගතය සම්බන්ධ ගැටලුවක් බව කී මන්ත්‍රීවරයා තුන්සිය හැටපස් දවසේ හිර එළිය වැටෙන විශිෂ්ට ජල මූලාශ්‍ර සහිත සංස්කෘතික වශයෙන් කෘෂිකාර්මික රටකට අධිරාජ්‍යයකින් නිදහස ලබා වසර 74ක් ගතවූ අවස්ථාවේ මන්දපෝෂණය පිලිබඳ දින දෙකක විවාදයක් පැවැත්වීමට සිදුවීම මොනතරම් බරපතල ඛේදවාචයක් දැයි ප්‍රශ්න කළේය. මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරවල සිටි සියලු දෙනා මේ ප්‍රශ්නයට වගකිව යුතු බව ඔහු කීවේය.
“ඇතැම් පාලකයින්ට ඇතැම් නායකයින්ට ඇතැම් නිලධාරීන්ට මන්දපෝෂණයක් නැති බව අපි දන්නවා. ඒ අය අධිපෝෂණයෙන් දුක් විඳින වග දන්නවා. නමුත් ඒ අයගේ හදවත සහ මොළය මන්දපෝෂණයෙන් යුතුයි. ඒ නිසා තමයි මේ ඛේදවාචකයට පත් වුනේ. “
“ලෝකය ආහාර අර්බුදයට සූදානම් වෙද්දි අපේ කෘෂිකර්ම ඇමතිවරු දඬුලේන්නු පස්සේ දුවනවා. අල්ලගන් පුලුවන් වලිගය ගැන බලන්න. මේ සම්බන්ධව කඩිනම් වැඩසටහනක් අවංක වැඩසටහනක් පක්ෂ පාට භේදයකින් තොරව දියත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න“ ඔහු කීවේය.







