රට මුහුණ පා ඇති අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා සියලු පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පක්ෂ නායක රැස්වීමේ දී ය.
මෙම ජාතික සභාවේ සාමාජික සංඛ්‍යාව 37ක් වේ. කතානායකවරයාගේ එහි මූලාසනය දරන අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නිල බලයෙන් ඊට පත් වේ.
හැකි ඉක්මනින් ජාතික සභාව පත් කරගැනීම සඳහා අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.
රට මුහුණපා ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තීන්දු තීරණ ගන්නේ මේ ජාතික සභාව විසින් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රට ගොඩගැනීමට ජාතික සභාව පත් කරන්නේ කැබිනට් ඇමතිවරු 35ක් ඇතුළු සියයකට අධික අමාත්‍ය මණ්ඩලයක් සහිතව වීම විශේෂත්වයකි.
මේ පිළිබඳ කළ විමසුමක දී ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයෙක් කීවේ තමන් මෙම ජාතික සභාවට එක්වීම සම්බන්ධව කිසිම අදහසක් ප්‍රකාශ කර නැති බවය.







