බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිළිණි හිරේ ඉඳන් කියන්නෙ ජාවාරමේ සල්ලි දැම්මෙ නාමල්ගෙ හිතවතිය ලඟ කියලා… වසන්ත සමරසිංහ

තිළිණිට ප්‍රභූ ආරක්ෂාව දුන්නෙ කවුද කියලා හොයන්න... මේ කළු සල්ලි කාරයින්ගෙ ලිස්ට් එක වත්කම් සමග හෙළි කරන්න...

by editor
ඔක්තෝබර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරයේ සිට කට උත්තර දෙමින්  ඇයගේ ව්‍යාපාරයේ      මුදලින් වැඩිම ප්‍රමාණයක්   ආයෝජනය කරනු ලැබුවේ කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙණුවට සම්බන්ධ නාමල් රාජපක්ෂගේ හිතවතිය වන ජානකී සිරිවර්ධන ලඟ යැයි හෙළි කරන බවත්  කළු සල්ලි යෙදවූ  ‍ මේ හොරකම් පසුපස  ඉන්නේත් නාමල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල බවත්  අද (11) වසන්ත සමරසිංහ මාධ්‍ය ඉදිරියේ දී ප්‍රකාශ කළේය.

ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ,  ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සහ වෘත්තීය සමිති  සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ  සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන තිදෙනා  තිළිණි ප්‍රියමාලි ගේ සමාගම්වල මුදල් තැන්පත් කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කර   ඒ් ගනුදෙනුවලට  තමන් සම්බන්ධ නම් ඒ් පිළිබඳ සොයා බලා තම වත්කම් හෙළි කරන  ලෙසත්,  මේ ගනුදෙනුව සිදුකර බදු වංචා කළ කළු සල්ලි කාරයින්ගේ ලයිස්තුව රටට ඉදිරිපත් කරන ලෙසත් ඉා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයට ලැබෙන ප්‍රභූ ආරක්ෂාව මේ වංචාකාර ගැහැණියට ලැබුණු ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා බැලිය යුතු බවය.

මේ බදු හොරුන් හෙළිදරව් කරගෙන ඔවුන්ගේ නියමිත බදු මුදල් අයකරගැනීමට දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවස්ථාව ඇති බව ද මෙතෙක් කල් බදු වංචා කිරීම සම්බන්ධව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද  වසන්ත සමරසිංහ පැවසුවේය.

ඒ අවස්ථාවේ දී ඔහු මෙසේ ද කීවේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“අපි පැමිණිල්ලක් ගොනු කළා තිළිණි ප්‍රියමාලි නැමැති  මේ තැනැත්තිය ලඟ මුදල් තැන්පත් කළ අයගෙ ලයිස්තුව හෙළි දරවු කරන්න කියලා.  දැන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අයට අපි කියනවා වහාම පරීක්ෂා කරලා මේ  පුද්ගලයින් ඔවුන්ගේ නම්  සහ  වත්කම් එක්කම  හෙළි දරව් කරන්න කියලා. “

“අපේ රටේ කළු සල්ලි තමයි මේ තිළිණිලා ජානකී ලඟ   කැරකෙන්නේ. මේ ජාවාරම නිකම් හැදුන එකක් නෙමෙයි. රාජපක්ෂලා එක්ක ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරපු රටට  බදු නොගෙවපු  බදු හොරු ගැන මේ කියන්නේ.    කළු සල්ලි අවිධිමත් ව්‍යාපාරවල  ආයෝජනය කළ මිනිස්සුන්ගේ ලයිස්තුවක් ගැන මේ කියන්නේ.”

“දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වගකීමක් තියනවා….. රටේ බදු ආදයම අඩුයි. මෙන්න බදු නොගවපු මිනිස්සු තිලිණිලාට සල්ලි දීලා තියනවා. දැන් හොයන්න බදු නොගවපු හැටි.”

“මේ පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට අපි කියනවා ‍ති‍ලිණි  මේ   බිස්නස් එක කරගෙන යද්දි කවුද ඇයට ප්‍රභූ ආරක්ෂාව දුන්නේ. අරලියගහ මන්දිරයේ අගමැතිට හම්බ වෙන්න තිබුණ ප්‍රභූ ආරක්ෂාව කොහොම ද මේ ජාවාරම්කාරියකට ලැබුණෙ. ඒ් ගැන හොයන්න.”

“මේවගේ අගමුල් අපට නම් තේරනවා.   තිලිණි හිරගෙදර ඉඳන් කටඋත්තර දෙනවා ජානකී සිරිවර්ධන තමයි මේකට උදව් කළේ. එයාට තමයි වැඩිපුර සල්ලි දැම්මේ කියලා.”

“ජානකී සිරිවර්ධන කියන්නෙ ක්‍රිෂ්  ගනුදෙණුවට සම්බන්ධ නාමල් රාජපක්ෂගේ හිතවතිය. එයත් එක්ක තමයි මේ ගනුදෙණුව ගිහින් තියෙන්නෙ. නාමල් රාජපක්ෂ මේක පිටිපස්සෙ ඉන්නවා.”

“මහින්ද රාජපක්ෂ හැමදාම යන අභයාරාම පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ජිප් එක අරන් ගිහිල්ලත් කෝටි තුන හමාරක් දෙන්නෙ නැතිව ඉඳලා ඊයෙ පෙරේදා තමයි පැමිණිල්ල දාලා තියෙන්නේ.”

“සී.අයි.ඩී එකට අපට කියන්න දෙයක් තියනවා.  රාජපක්ෂලා ගැන ගෝඨාභය ගැන ෆේස් බුක්වල දැම්මා නම් එක රැයෙන් අනුරාධපුරයට ගිහින් හොයාගෙන ආවා. අපි දන්නවා. දැන් මේ ලින්ක් ඒක දීලා තියනවා. විස්තර දීලා තියනවා අපේ නම් එක්ක මුදල් ආයෝජනය කළා කියන පුද්ගලයින්ගෙ ලයිස්තු පල කළ අය ගැන.  ඒ් අය දන්නවා ඇති නෙ සල්ලි දාපු අය. රටට අපරාදෙ අහිමි වෙන්නෙ රටේ සල්ලි.  ඒ් සල්ලි ටික එකතු කරගන්න ඒ් ලිස්ට් දාපු අයගෙන් තොරතුරු ගන්න.”

“මේක කළු සල්ලි එකතු කළ ජාවාරම් පැලැන්තියක් සමග වුන දෙයක්. ඒ්ක ඇතුළට අපේ නම් එකතු කරනවා.  ඒ්ගොල්ලො හොරු නිසා අපිවත් හොරු කියන්න හදනවා. මේ බාල මඩවලින් අපේ ගමන නවත්වන්න බෑ. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙළිකළ වංචා දූෂණගැන කරුණු ඉදිරිපත් කරන්න එන්නැයි හිටපු කෝප් සභාපතිට අලුත් සභාපති ඇරයුම් කරයි…

Next Post

ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දී ව්‍යාපෘති ලබාගත් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනා ගැන තවත් තොරතුරු හෙළි වේ..

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.