කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා වන චරිත හේරත් පසුගිය කාලය තුළ වංචා දූෂණ රැසක් පිළිබඳව හෙළිදරව් කළ බවත් එම වංචා දූෂණ හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීම සඳහා කමිටුවට පැමිණෙන ලෙස ආරාධනවක් කිරීමට කෝප් කමිටුව තීරණයක් ගෙන තිබෙන බවත් මහචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.
වංචා දූෂණ වලට අදාළ ෆයිල් ජනතාවට පෙන්වමින් නොසිට අනුර කුමාර දිසානායක කළ යුත්තේ නීතිඥයෙකු මගින් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම බව ද නැතහොත් සිදුවන්නේ තවත් වසරක් යනවිට ඊටත් වඩා ලොකු ෆයිල් මිටිය විශාල වීම පමණක් බවත් සභාපතිවරයා කීවේය.
කෝප් කමිටුවට කාටවත් ෆයිල් ගෙනවිත් බාරදීමට නොහැකි බවත් කොප් කමිටුව උසාවියක් නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.
දූෂණය පිටුදැකීමේ නව නීතිපති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ඒ යටතේ කෝප් කමිටුවට හිමි බලතල ඉහළ යනු ඇති බවත් කෝප් කමිටුවේ සභාපති කියා සිටියේය.
දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තුළ වංචාව දූෂණය පිටු දැකීම සම්බන්ධව දීර්ඝ ලෙස කතා කළත් අපිට ඒ සඳහා අවශ්‍යය නීතිමය රාමුව ප්‍රමාණවත් ආකාරයට සකස්කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවත් ඔහු කීය.
උඩුනුවර වැලිගල්ල ප්‍රදේශයේදී මහජන බැංකුවේ ස්වයං සේවා ශාඛාවක් අද (11) විවෘත කළ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.