අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ඉන්ධන පිරවුම්හල්වල මගඩි ගැන මාස දෙකට පැමිණිලි 200ක්… මහජන උපයෝගීතා කොමිසම කියයි!

by editor
ඔක්තෝබර් 11, 2022
in ජීවිතය
car
Share on FacebookShare on Twitter

ඉන්ධන පිරිවුම් හල්වල සිදුවන බව කියන අකටයුතු කම් පිළිබඳව පසුගිය මාස දෙක තුළ   පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබුණු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක   පවසයි.

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධව ලැබුණු එම මහජන පැමිණිලි සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය වෙත යොමුකළ ඉන්ධන සාම්පල් සාම්පලවලට අදාළ වාර්තාව හෙට (12) ලැබීමට නියමිත බව ද හෙතෙම කීය.

ඔක්ටේන් 95 බව කියමින් ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් ඔක්ටේන් 92 පෙට්ට්‍රල් නිකුත් කරන බවට මහජන පැමිණිලි රැසක් පසුගිය කාලය තුළ කොමිසමට ලැබුණු බවත් එහි සත්‍ය අසත්‍යතාව තාක්ෂණික ආයතන වාර්තාව මගින් හෙළිදරව් වනු ඇති බවත් ඔහු  පැවසීය.

ජනක රත්නායක මෙසේ ද කීවේය.

පාරිභෝගික සේවා අධිකාරියත් මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කළා. පරිභෝගික සේවා අධිකාරියෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය දිනක වැල්ලවායේ ඉන්ධන පිරිවුම් හල් පරික්ෂා කළා. එක් ඉන්ධන පිරවුම්හළක පොම්ප අටක් තිබුණා. ඒ අටෙන්ම ඉන්ධන නිකුත් කෙරුනේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඉන්ධන ලීටරයක් මිලට ගන්නා පාරිභෝගිකයෙකුට සැබෑ ලෙසම ලැබී තිබුණේ තමන් ගෙවූ මුදල් වටිනාකමට අඩු ඉන්ධන ප්‍රමාණයක්. සෑම ලීටරයකින්ම පාරිභෝගිකයින්ට රුපියල් 05 ක පාඩුවක් සිදුව තිබෙන බව අපට පෙනී ගියා. ඒ අනුව ඉන්ධන පොම්ම 08 ටම සීල් තැබීමට කටයුතු කළා. ඉන්ධන ලීටර් 20 ක් ලබා ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම රුපියල් 100 ක පාඩුවක් සිදුව තිබුණා. ඒ අසීමිත ලාභය ගොස් තිබුණේ ඉන්ධන පිරිවුම්හලේ හිමිකරුටයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අසීරු අවස්ථාවේ ව්‍යාපාරිකයින් තමන්ගේ වෙළෙඳාම සාධාරණව නොකළොත් අසීරුතාවට පත්වන්නේ ජනතාවයි. ඉන්ධන පිරිවුම් හළක පොම්ප හා යන්ත්‍ර මාස 06 කට වතාවක් පරීක්ෂා කරන්න ඕන. වසර දෙකකින් යන්ත්‍ර පරීක්ෂා කර නොතිබූ පිරවුම් හළක් අපිට පින්නවල ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී හඳුනා ගන්න ලැබුණා. මේ ගැන සාකච්ඡා කරන්න අයි.ඕ.සී හා සිපෙට්කෝ ආයතන ප්‍රධානීන්නට අපි එන්න කියලා තියෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාලුමුවදොර විරෝධතාවයට දරුවෙක් රැගෙන ඒ්ම ගැන විමර්ශනයක්….

Next Post

හෙළිකළ වංචා දූෂණගැන කරුණු ඉදිරිපත් කරන්න එන්නැයි හිටපු කෝප් සභාපතිට අලුත් සභාපති ඇරයුම් කරයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.