ඉන්ධන පිරිවුම් හල්වල සිදුවන බව කියන අකටයුතු කම් පිළිබඳව පසුගිය මාස දෙක තුළ පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබුණු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධව ලැබුණු එම මහජන පැමිණිලි සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය වෙත යොමුකළ ඉන්ධන සාම්පල් සාම්පලවලට අදාළ වාර්තාව හෙට (12) ලැබීමට නියමිත බව ද හෙතෙම කීය.
ඔක්ටේන් 95 බව කියමින් ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් ඔක්ටේන් 92 පෙට්ට්‍රල් නිකුත් කරන බවට මහජන පැමිණිලි රැසක් පසුගිය කාලය තුළ කොමිසමට ලැබුණු බවත් එහි සත්‍ය අසත්‍යතාව තාක්ෂණික ආයතන වාර්තාව මගින් හෙළිදරව් වනු ඇති බවත් ඔහු පැවසීය.
ජනක රත්නායක මෙසේ ද කීවේය.
පාරිභෝගික සේවා අධිකාරියත් මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කළා. පරිභෝගික සේවා අධිකාරියෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය දිනක වැල්ලවායේ ඉන්ධන පිරිවුම් හල් පරික්ෂා කළා. එක් ඉන්ධන පිරවුම්හළක පොම්ප අටක් තිබුණා. ඒ අටෙන්ම ඉන්ධන නිකුත් කෙරුනේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඉන්ධන ලීටරයක් මිලට ගන්නා පාරිභෝගිකයෙකුට සැබෑ ලෙසම ලැබී තිබුණේ තමන් ගෙවූ මුදල් වටිනාකමට අඩු ඉන්ධන ප්‍රමාණයක්. සෑම ලීටරයකින්ම පාරිභෝගිකයින්ට රුපියල් 05 ක පාඩුවක් සිදුව තිබෙන බව අපට පෙනී ගියා. ඒ අනුව ඉන්ධන පොම්ම 08 ටම සීල් තැබීමට කටයුතු කළා. ඉන්ධන ලීටර් 20 ක් ලබා ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම රුපියල් 100 ක පාඩුවක් සිදුව තිබුණා. ඒ අසීමිත ලාභය ගොස් තිබුණේ ඉන්ධන පිරිවුම්හලේ හිමිකරුටයි.
මේ අසීරු අවස්ථාවේ ව්‍යාපාරිකයින් තමන්ගේ වෙළෙඳාම සාධාරණව නොකළොත් අසීරුතාවට පත්වන්නේ ජනතාවයි. ඉන්ධන පිරිවුම් හළක පොම්ප හා යන්ත්‍ර මාස 06 කට වතාවක් පරීක්ෂා කරන්න ඕන. වසර දෙකකින් යන්ත්‍ර පරීක්ෂා කර නොතිබූ පිරවුම් හළක් අපිට පින්නවල ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී හඳුනා ගන්න ලැබුණා. මේ ගැන සාකච්ඡා කරන්න අයි.ඕ.සී හා සිපෙට්කෝ ආයතන ප්‍රධානීන්නට අපි එන්න කියලා තියෙනවා.