මහජන විරෝධතාවලදී ළමුන් මිනිස් පලිහක් ලෙස යොදා නොගන්නා ලෙස, පසුගියදා ගාලු මුවදොර පිටියේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙවැනි විරෝධතාවලට සිය දරුවන් ගෙනැවිත් ඔවුන්ගේ ජීවිත අනතුරේ නොහෙලන ලෙසත් මහජන විරෝධතා සඳහා ළමුන් රැගෙන යාමේ සිද්ධීන් කිහිපයක් මින් පෙර ද අධිකාරියට වාර්තා වූ බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පැවසීය.
ළමුන් ’මිනිස් පළිහක්’ ලෙස යොදා ගැනීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතින බැවින් එය බැරෑරුම් තත්ත්වයක් ලෙස සලකමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.
එසේම, ගාලු මුවදොර පිටියේ විරෝධතාවලට කුඩා දරුවෙකු රැගෙන ඒම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන බව ද ජාත්‍යන්තර ළමා ප්‍රඥප්තියට බැඳී සිටින රටක් ලෙස ළමුන් විරෝධතාවලට ගෙන ඒම පිළිගත නොහැකි බව ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසා තිබේ.