අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයම අර්බුද මැද සෙලවෙද්දී  නොසෙල්වී සිටීමේ ඉන්දීය වෑයම!

by Lanka Sara Editor
ඔක්තෝබර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි රටවල් රැසක්ම මේ වනවිට පසුවන්නේ දරුණු අර්බුදයන්ට මුහුණ දෙමිනි. විශේෂයෙන් උද්ධමනය හෙවත් භාණ්ඩ මිල  විශාල ලෙස ඉහළයෑමේ කුනාටුව එක්සත් ජනපදයේ සිට එක්සත් රාජධානිය හරහා යුරෝපයට හමායමින් තිබේ. එය අප්‍රිකානු සහ ආසියානු කලපයන්ද කැළඹීමට ලක්කර ඇත. අත්‍යවශ්‍ය ආහාර මෙන්ම විශේෂයෙන් ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයනය මත පදනම්වූ රටවල් රැසක් මෙම අර්බුදයට මුහුණදෙමින් සිටි. ලෝක බැංකුව විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව අනාවැකි පළකර ඇත්තේ 2023 වසරේදී ලෝකය ගෝලීය අවපාතයක් කරා ගමන් කරනු ඇති බවයි.

එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් අර්බුදවලට ලක්වීම වැළැක්විය නොහැකිවනු ඇති බවද ලෝක බැංකුව අනතුරු අඟවා ඇත. ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, රටවල් රැසක මහ බැංකු පසුගිය වසර පනහක් ඇතුළත වාර්තා කළ ඉහළම පොළී අනුපාත ක්‍රියාත්මක කර ඇති බවයි. එම ඉහල අනුපාත ලබන වසර ඇතුළතද(2023) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවද ලෝක බැංකුව පෙන්වා දෙයි.ඒ උද්ධමනය පාලනය කිරීමේ පියවරක් වශයෙනි. එසේ වුවද ගෝලීය උද්ධමනය කොවිඩ් වසංගතයට පෙර පැවැති මට්ටම දක්වා පහත දැමීමට, දැනට මහ බැංකු ක්‍රියාත්මක කර ඇති ඉහළ පොලී අනුපාත සහ අනෙකුත් මුල්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවනු ඇති බවද ලෝක බැංකුව පෙන්වාදෙයි. එමනිසා අප්‍රිකානු සහ ආසියානු පමණක් නොව අනතුරට ලක්විය හැකි නව ප්‍රජාවක් ලෙස යුරෝපිය අඩු ආදායම්ලාභින්ද ලෝක බැංකුව විසින් සිය ලේඛනවලට ඇතුලත් කර තිබේ.

 

මෙවැනි ගෝලීය අර්බුදයක් අතරතුර ලොව රටවල් කිහිපයක් පමණක් සිය ආර්ථිකයන්ට එල්ලවන ගෝලීය බලපෑම් නොතකමින් ස්ථාවරව පත්වාගෙන යැමට සමත්ව සිටින බවද පෙන්වාදිය යුතුය. එම රටවල් අතර ඉන්දියාව පසුවන්නේ පෙරමුණේය. ඉන්දියාව ඉතාම පැහැදිලිව කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිය අද දක්වාම ආර්ථික සුනාමි රැලිවලින් ආරක්ෂා වෙමින්, ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සහ පෝෂණය සහතික කරමින් ලොවට ශක්තිමත් ආර්ථිකයක් පිලිබඳ ආදර්ශයක් ලබාදීමට සමත්ව සිටි. විශේෂයෙන් සෙමෙන් එහෙත් ස්ථාවරව ඉදිරියට ගමන් කරන ඉන්දීය ආර්ථිකය ලොව ප්‍රමුඛතම ආර්ථිකයන්ට මේ වන විට, ආර්ථික අවපාතයන් හමුවේ ‘දරාගෙන සිටීමේ හැකියාව පිලිබඳ පාඩම් උගන්වමින් සිටි. ඒ අතරතුර සිය අසල්වාසීන් මෙන්ම කලාපිය අවශ්‍යතා සහිත රටවල් කෙරෙහිද ඉන්දියාව මේ මොහොතේ සිය මිත්‍රත්වයේ දෑත දිගුකරමින් සිටින බව පෙනෙන්නට තිබේ. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ මෙම වසරේදී පමණක් ඉන්දියාව විසින් ලබාදී ඇති ණය සහන ප්‍රමාණය ඩොලර් බිලියන 3.8කට වැඩි අතර, එය ශ්‍රී ලංකාවට මෙතෙක් ඉතිහාසයේ ඕනෑම ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික හවුල්කරුවකු වෙතින් කෙටි කාලයක් තුළ ලැබුණු විශාලතම ණය පහසුකමද වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

පසුගිය වසර දෙක තුළ අතිශය විනාශකාරී සිදුවීම් දෙකක් සමඟ පොරබැදීමට සිදුවීමෙන් ලෝකයේ ආර්ථික ගතිකයන් වෙනස්වී තිබේ. එනම් මෑතකදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය  සහ 2020 ආරම්භයේදී ලෝකය ආක්‍රමණය කළ කොවිඩ් -19 වසංගතය එම එනස්කම් වලට දායකවී ඇත. මේ හේතුවෙන් එක්සත් රාජධානිය වැනි අති දැවැන්තයන් පවා අවපාතයකට ඇදවැටී, සමස්ත යුරෝපයම අර්බුදයකට ලක්ව තිබේ. ආර්ථිකයක වර්ධනය සඳහා උද්ධමනය විශාල කාර්යභාරයක් ඉටු කරයි. එක්සත් ජනපදයේ (උද්ධමන අනුපාතය 8.5%) සහ යුරෝපයේ (එක්සත් රාජධානියේ 10.1%) ප්‍රමුඛ ආර්ථිකයන් පෙර කිසිදා නොදුටු මට්ටමේ උද්ධමනයකට මුහුණ දෙන නමුත්ඉන්දියාව එය 6.71% දක්වා එය සාර්ථකව පාලනය කර ගැනීමට සමත්වී ඇත.

උද්ධමනය, දූෂණය, ව්‍යාපාර කිරීමට අපහසුවීම හෝ විරැකියාව පසුගිය දශක කිහිපයක ඉන්දියාව මුහුණදුන් ලෝකයටම පොදු ගැටළු විය. එහෙත් ශක්තිමත් පාලනයක් සහ ස්ථාවර ප්‍දේශපාලන ප්‍රතිපත්ති යටතේ පසුගිය වසර කිහිපය තුළ එම අභියෝග රැල්ල ආපසු හැරෙමින් තිබේ. 2022 අගෝස්තු මස අවසානයේදී, ලොව සියලුම රටවල් අතුරින් ඉන්දියාව, ගෝලීය Market cap-weighted indexes(MSCI) වෙළඳපල දර්ශකයේ දෙවන ස්ථානයට පත්වුයේ 14%කට වඩා වැඩි අගයක්ද සනිටුහන් කරමිනි. MSCI දර්ශකයට අනුව ඉන්දියාව පසුගිය මාස 12 තුළ ලොව අනෙකුත් නැගී එන වෙලඳපොලවල් 27%ක වේගයක් සටහන් කරමින් අභිබවා ගොස් ඇත. එසේම ඉන්දියව මේ වන විට ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස සිය සලකුණ සටහන් කර ඇති අතර, එය දැන් ලොව පස්වන විශාලතම කොටස් වෙළෙඳපොළ ද වේ. ඉන්දියානු කොටස් වෙලඳපොළේ මෑත කාලීන නැගීම ඉන්දියාවට ගෝලීය වෙළඳපොළෙන් ලැබෙන ආයෝජන කොටස 3.5% දක්වා සර්වකාලීන ඉහළම මට්ටමට ළඟා කරවීමට උපකාරීවී තිබේ. 2020 මැයි මාසයේ පැවැති 2.05%ක අගය හා සසඳන විට මෙන්ම, විශේෂයෙන් අද බොහෝ රටවල් මුහුණ දී සිටින උද්ධමනය හා අවපාතය හා සසඳන විය එය පැහැදිලිවම විශාල වර්ධනයකි.

 

ආහාර හා බලශක්ති හිඟයට තුඩු දෙන රුසියාව-යුක්රේන යුද්ධයේ පිටුපස ඇති අවිනිශ්චිතතා මධ්‍යයේ, ඩොලරය ආරක්ෂිත මුදල් ඒකකයක් ලෙස සැලකේ. මෙම වසර තුළ බොහෝ ලෝක මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය අධිප්‍රමාණ වී ඇත. ඩොලර් 1.2ක් ලෙස ශක්තිමත්ව පැවැති යුරෝව ද=ශක දෙකක

අවම අගය සටහන් කරමින්, ඩොලරයට 0.99ක් ලෙස අවප්‍රමාණ වී ඇති අතර එය තවත් පහලට ගමන් කිරීමට ඉඩ ඇත. ජපානයේ යෙන් ද පෙර නොවූ විරූ ලෙස ඩොලරයක අගය 140 දක්වා පහත වැටී තිබේ. එහෙත් ගෙවීගිය මාස කිහිපයේදී ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ කඩාවැටීම ඉතාම අවම අගයක පවතින බව දැකගැනීමට හැකිය. ලෝකයේ ප්‍රමුඛතම මුදල් ඒකකවලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය 13% කින් පමණ ඉහළ ගිය අතර. එහිදී ඉන්දීය රුපියලේ අගය අවප්‍රමාණය වී ඇත්තේ 6-7% ක අගයකින් පමණකි. එහිදීද, සංචිත බැංකුව විසින් අනුගමනය කළ ස්ථාවර පියවරයන් ආර්ථිකය ආරක්ෂා කර තිබේ.

 

අනෙක් අතට රටට බොරතෙල් ආනයනය කිරීමට වැයකරන ඉහළ විදේශ විනිමය ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, ගෝලීය උද්ද්ධමනය හමුවේ අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම පහසු කටයුත්තක් නොවේ. කෙසේවෙතත් එම තත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුව (RBI) විසින් ස්ථාවර පියවර ගෙන ඇත. විශේෂයෙන් යුරෝපය රුසියාවට එරෙහිවී බලශක්ති අර්බුදය සමඟ අරගල කරන අතර, රුසියානු සබඳතා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් හිතකර ලෙස තබා ගැනීම වැනි අගමැති මෝදිගේ ස්ථිර පියවරයන් විසින්, රටේ බොරතෙල් අවශ්‍යතා රුසියාවෙන් සපුරා ගැනීම සහතික කර තිබේ. රුසියානු-යුක්රේන ගැටුම හමුවේ නිර්මාණය වෙමින් පවතින ගෝලීය බලශක්ති අර්බුදයක් මධ්‍යයේ ඉන්දියාව සිය බොරතෙල් සැපයුම පමණක් ස්ථාවර කරගැනීමෙන් නැවතී නැත. ඊට අමතරව සිය ගල්අඟුරු අවශ්‍යතාවෙන් වැඩි කොටසක් රුසියාව වෙතින් සලසා ගැනීමටද ඉන්දියාව සමත්ව සිටි.

රුසියාවේ විශාලතම ගල් අඟුරු සැපයුම්කරු වන සයිබීරියානු ගල් අඟුරු බලශක්ති සමාගම (SUEK) නුදුරේදීම ඉන්දියාවේ කාර්යාලයක් විවෘත කිරීමට සූදානම් වන්නේ ඒ අනුවය. ඉන් පෙනෙන අනෙක් කරුණ වන්නේ රුසියාවට යුරෝපය විසින් පනවා ඇති සම්බාධකවලින් පසු ඉන්දියාව රුසියානු සැපයුම්වල ඉහළම අපනයන ගමනාන්තයක් ලෙස නැගී සිටිමින් සිටින බවයි. 2022 පළමු භාගයේදී සමාගම විසින් ඉන්දියාවට නැව්ගත කරන ලද ගල්අඟුරු ප්‍රමාණය ටොන් මිලියන 1.25 දක්වා වැඩි වී ඇති අතර, එය 2021 දී රුසියානු සමගම විසින් ඉන්දියාවට අපනයනය කරන ලද වටිනාකමට වඩා දෙගුණයක් වැඩි ය. SUEK, ලොව විශාලතම ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් එකක් වන අතර, වෙළඳාම සම්බන්ධ සියලු අභියෝගවලට විසඳුම් ලබා දෙන්නේ නම්, ඉන්දියාවට ගල් අඟුරු සැපයුම වසරකට ටොන් මිලියන 10 දක්වා වැඩි කළ හැකි බව පෙන්වාදී තිබේ.

 

ඒ අනුව ගෝලීය උද්ධමනය හා යුක්රේන අර්බුදය මධ්‍යයේ අර්බුදයක් වෙත ගමන් කරමින් තිබෙන ලෝකයේ සිය ශක්තිමත් ස්ථානය ආරක්ෂා කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බව පැහැදිලිවම දැකගත හැකිය. එය එක් අතකින් ගෝලීය වෙළඳපොල තරගයේ ඉදිරියෙන් සිටින අනෙක් තරගකරුවන්ට පැහැදිලි අභියෝගයක් වුවද, ගෝලීය ආර්ථිකය ආරක්ෂා කරගැනීමේ පොදු ප්‍රයත්නයේදී ඉතා විශාල සැනසිල්ලකි. මන්ද ඉන්දියාවේ ශක්තිමත්භාවය හේතුවෙන් බිලියන 08කට ආසන්න ලෝක ප්‍රජාවෙන් බිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක්ම ඉන්දියාව තුළ ආරක්‍ෂිත බැවිනි.

Share69Tweet43
Previous Post

ළමා දූෂක චූදිත සාරුව ලියනගේ සුනිල් නඩුවෙන් නිදොස් කොට නිදහස්!

Next Post

ගාලුමුවදොර විරෝධතාවයට දරුවෙක් රැගෙන ඒ්ම ගැන විමර්ශනයක්….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.