තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරයේ සිට කට උත්තර දෙමින් ඇයගේ ව්‍යාපාරයේ මුදලින් වැඩිම ප්‍රමාණයක් ආයෝජනය කරනු ලැබුවේ කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙණුවට සම්බන්ධ නාමල් රාජපක්ෂගේ හිතවතිය වන ජානකී සිරිවර්ධන ලඟ යැයි හෙළි කරන බවත් කළු සල්ලි යෙදවූ මේ හොරකම් පසුපස ඉන්නේත් නාමල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල බවත් අද (11) වසන්ත සමරසිංහ මාධ්‍ය ඉදිරියේ දී ප්‍රකාශ කළේය.
ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන තිදෙනා තිළිණි ප්‍රියමාලි ගේ සමාගම්වල මුදල් තැන්පත් කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කර ඒ් ගනුදෙනුවලට තමන් සම්බන්ධ නම් ඒ් පිළිබඳ සොයා බලා තම වත්කම් හෙළි කරන ලෙසත්, මේ ගනුදෙනුව සිදුකර බදු වංචා කළ කළු සල්ලි කාරයින්ගේ ලයිස්තුව රටට ඉදිරිපත් කරන ලෙසත් ඉා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඔහු ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයට ලැබෙන ප්‍රභූ ආරක්ෂාව මේ වංචාකාර ගැහැණියට ලැබුණු ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා බැලිය යුතු බවය.
මේ බදු හොරුන් හෙළිදරව් කරගෙන ඔවුන්ගේ නියමිත බදු මුදල් අයකරගැනීමට දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවස්ථාව ඇති බව ද මෙතෙක් කල් බදු වංචා කිරීම සම්බන්ධව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද වසන්ත සමරසිංහ පැවසුවේය.
ඒ අවස්ථාවේ දී ඔහු මෙසේ ද කීවේය.
“අපි පැමිණිල්ලක් ගොනු කළා තිළිණි ප්‍රියමාලි නැමැති මේ තැනැත්තිය ලඟ මුදල් තැන්පත් කළ අයගෙ ලයිස්තුව හෙළි දරවු කරන්න කියලා. දැන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අයට අපි කියනවා වහාම පරීක්ෂා කරලා මේ පුද්ගලයින් ඔවුන්ගේ නම් සහ වත්කම් එක්කම හෙළි දරව් කරන්න කියලා. “
“අපේ රටේ කළු සල්ලි තමයි මේ තිළිණිලා ජානකී ලඟ කැරකෙන්නේ. මේ ජාවාරම නිකම් හැදුන එකක් නෙමෙයි. රාජපක්ෂලා එක්ක ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරපු රටට බදු නොගෙවපු බදු හොරු ගැන මේ කියන්නේ. කළු සල්ලි අවිධිමත් ව්‍යාපාරවල ආයෝජනය කළ මිනිස්සුන්ගේ ලයිස්තුවක් ගැන මේ කියන්නේ.”
“දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වගකීමක් තියනවා….. රටේ බදු ආදයම අඩුයි. මෙන්න බදු නොගවපු මිනිස්සු තිලිණිලාට සල්ලි දීලා තියනවා. දැන් හොයන්න බදු නොගවපු හැටි.”
“මේ පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට අපි කියනවා තිලිණි මේ බිස්නස් එක කරගෙන යද්දි කවුද ඇයට ප්‍රභූ ආරක්ෂාව දුන්නේ. අරලියගහ මන්දිරයේ අගමැතිට හම්බ වෙන්න තිබුණ ප්‍රභූ ආරක්ෂාව කොහොම ද මේ ජාවාරම්කාරියකට ලැබුණෙ. ඒ් ගැන හොයන්න.”
“මේවගේ අගමුල් අපට නම් තේරනවා. තිලිණි හිරගෙදර ඉඳන් කටඋත්තර දෙනවා ජානකී සිරිවර්ධන තමයි මේකට උදව් කළේ. එයාට තමයි වැඩිපුර සල්ලි දැම්මේ කියලා.”
“ජානකී සිරිවර්ධන කියන්නෙ ක්‍රිෂ් ගනුදෙණුවට සම්බන්ධ නාමල් රාජපක්ෂගේ හිතවතිය. එයත් එක්ක තමයි මේ ගනුදෙණුව ගිහින් තියෙන්නෙ. නාමල් රාජපක්ෂ මේක පිටිපස්සෙ ඉන්නවා.”
“මහින්ද රාජපක්ෂ හැමදාම යන අභයාරාම පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ජිප් එක අරන් ගිහිල්ලත් කෝටි තුන හමාරක් දෙන්නෙ නැතිව ඉඳලා ඊයෙ පෙරේදා තමයි පැමිණිල්ල දාලා තියෙන්නේ.”
“සී.අයි.ඩී එකට අපට කියන්න දෙයක් තියනවා. රාජපක්ෂලා ගැන ගෝඨාභය ගැන ෆේස් බුක්වල දැම්මා නම් එක රැයෙන් අනුරාධපුරයට ගිහින් හොයාගෙන ආවා. අපි දන්නවා. දැන් මේ ලින්ක් ඒක දීලා තියනවා. විස්තර දීලා තියනවා අපේ නම් එක්ක මුදල් ආයෝජනය කළා කියන පුද්ගලයින්ගෙ ලයිස්තු පල කළ අය ගැන. ඒ් අය දන්නවා ඇති නෙ සල්ලි දාපු අය. රටට අපරාදෙ අහිමි වෙන්නෙ රටේ සල්ලි. ඒ් සල්ලි ටික එකතු කරගන්න ඒ් ලිස්ට් දාපු අයගෙන් තොරතුරු ගන්න.”
“මේක කළු සල්ලි එකතු කළ ජාවාරම් පැලැන්තියක් සමග වුන දෙයක්. ඒ්ක ඇතුළට අපේ නම් එකතු කරනවා. ඒ්ගොල්ලො හොරු නිසා අපිවත් හොරු කියන්න හදනවා. මේ බාල මඩවලින් අපේ ගමන නවත්වන්න බෑ. “







