අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජේලර්ව මරන්න ආපු තවත් අපරාධකරුවන් 03ක් කොටු… හරක් කටාගේ ගෝලයාගේ අපරාධ සැලසුම හෙළි වෙයි!

by editor
අගෝස්තු 15, 2023
in පුවත්
Prison
Share on FacebookShare on Twitter

සේවය නිමවා නිවෙස බලා ගාල්ලේ සිට මගී බස් රථයකින් ගමන් කරමින් සිටි බන්ධනාගාර නියාමකවරයකුට වැලිගම නගරයේදී පහරදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරූ  තවත් අපරාධකරුවන් තිදෙනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැලිගම හා දික්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 30, 23 හා 19 යන වයස්වල අය බව විමර්ශන අංශ සඳහන් කළේය. ඒ අතර ඇඟලුම් ආයතනයක සේවයේ නිරත අයෙක් ද සිටියි.

පසුගිය 05 වැනිදා සවස් කාලයේ ගාල්ලේ සිටි කිරින්ද පුහුල්වැල්ල දක්වා යන බසයක දී  බන්ධනාගාර නියාමක ආර්.එච්.එම්.එස්. ප්‍රබෝධ නමැති නිලධාරියාට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දියත් කර තිබිණි.

පෙරේදා අත් අඩංගුවට ගත් පුද්ගලයින් 03 සමග මේ වනවිට අපරාධයට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ. මින් පෙර අත් අඩංගුවට පත් වී ඇති සැකකරුවන් තිදෙනා වැලිගම මිදිගම පදිංචිකරුවන්ය.

විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ හරක් කටාගේ ගෝලයෙක් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම පුද්ගලයා මාතර බන්ධනාගාරගතව සිට ඇප ලබා නිදහස ලැබුවෙක් බව පොලිසිය කියයි. එම පුද්ගලයාව ඡායාරූපවලින් හඳුනාගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පහරකෑමට ලක්වූ බන්ධනාගාර නිලධාරියාත් මාතර බන්ධනාගාරයේ වැඩි කාලයක් සේවයේ නිරතව සිටියෙකි. පහරදීම සිදුවන විට ඔහු ගාල්ල බන්ධනාගාරයට ස්ථාන මාරුවීමක් ලැබ දින දෙකක් පමණ වනු ඇති බව ද උසස් පොලිස් නිලධාරියා කීය.

නීතිය තදින්ම පිළිපදිමින් ක්‍රියාත්මක කරන නිලධාරියෙක් බව කියන ඔහු බන්ධනාගාර රැඳවියන්ට ජංගම දුරකතන ඇතුළු තහනම් භාණ්ඩ තබා ගැනීමට ඉඩ නොදෙන බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඔහු ජංගම දුරකතන 50කට වැඩි ප්‍රමාණයක් මෑත කාලයේ රැඳවියන් සතුව තිබී සොයා ගෙන ඇති බව ද සඳහන්ය.

පහරකෑමට ලක්වූ බන්ධනාගාර නිලධාරියා කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අයෙකි. සිය සේවා මුරය අවසන් කර ගාල්ලේ සිට පුහුල්වැල්ලේ පිහිටි නිවෙසට මගී බස් රථයක නැඟී සිවිල් ඇඳුමින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබුණි.

වැලිගම නගරයේදී බස් රථයට ගොඩවුණු පුද්ගලයින් 06 දෙනෙක් පමණ මුලින්ම මෙම නිලධාරියාට පහරදී ඇති බව පොලිසිය කියයි.

ඒ පැමිණි එක් අයෙක් ටී 56 අවියක් සඟවාගෙන සිටි බව බන්ධනාගාර නියාමකවරයා පොලිසියට පවසා ඇත. විමර්ශකයින් කියන්නේ  මෙම නිලධාරියාට පහරදෙන විට බස් රථයේ සිටි මගීන් ඊට විරෝධය දක්වමින් ඔහුව ආරක්ෂා කිරීමට මුල්වූ බැවින් ජීවිතයට හානියක් කිරීමට ඉඩ නොලැබී ඇති බව ය..

එසේ නොවන්නට බස් රථය තුළ ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට ඉඩ තිබුණු බව විමර්ශනවලින්ද අනාවරණය වී ඇත.

බන්ධනාගාර රැඳවියන් නීති විරෝධි ලෙස භාවිත කළ ජංගම දුරකතන අත් අඩංගුවට ගැනීම හේතුවෙන්    පාතාල අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් මෙම නිලධාරියා සමඟ අමනාපයෙන් සිටින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව මරා දැමීමට සූදානම් වී ඇති බවත් පෙනෙන්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයින්ට පෙනී ගොස් ඇත.

මෙම පහරදීමට පැමිණි පිරිස ඒ සඳහා පැමිණි යතුරුපැදියක්ද ත්‍රිරෝද රථයක්ද  පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

A-9 මාර්ගයේ බිහිසුණු රිය අනතුරක්… 03ක් මරුට…05කට බරපතලයි….

Next Post

මඩු මංගල්ලය වාර්තා කිරීමට ගිය තරුණ මාධ්‍යවේදියා සර්පයෙක් දෂ්ඨ කර මිය යයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.