දිනසේන රතුගමගේ –
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය වාර්තා කිරීමට ගිය මන්නාරමේ මාධ්‍යවේදියෙකු සර්පයෙක් දෂ්ඨ කිරීම හේතුවෙන් ඊයේ (14 ) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම කතෝලික මාධ්‍යයේ රූපවාහිනී නිවේදක ජගනාදන් ඩ්‍රෝන් නැමති 27 හැවිරිදි තරුණ මාධ්‍යවේදියෙකි.

ඔහු දේවස්ථානය වෙත ළඟා වී සිටි අවස්ථාවක ඔහුගේ කකුල විෂ සහිත සර්පයෙකු විසින් දෂ්ඨ කර ඇතත් ඔහු ඒ සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වීම නිසා හදිසියේම අසනීප වී තිබේ.
පසුව ඔහු මන්නාරම මඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ඔහුව රෝහළට ඇතුළත් කරගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මන්නාරම මඩු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







