යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට (18) දිනයේ පැවැත්වෙන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” සේනාධිනායකවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.
ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ මූලිකත්වයෙන් මෙම සංවිධානය කෙරන මෙම උත්සව අවස්ථාවට අවසන් මහා සටන දක්වා ත්‍රවිධ හමුදාවට නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් රොෂාන් ගුණතිලක සහභාගී වීමට නියමිතව තිබේ.







