තුසිත හල්ලොලුවගේ වාහනයට එල්ල වූ වෙඩි ප්රහාරය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලීසියේ කණ්ඩායම් හතරක් එක්ව CCTV දර්ශන පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.
ඊයේ (17) රාත්රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී තුසිත හල්ලොලුව ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබුණි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් අයෙක් මේ ප්රහාරය එල්ල කළ බවත් තමන්ට අහසට වෙඩි තබා වාහනයටත් වෙඩි ප්රහාරයක් එල්ල බිය ගන්වා රථයෙන් බස්සවා අනතුරුව තමන්ට පහර දී තමන් සතුව තිබු ලිපි ගොනුවක් ඒ පුද්ගලයින් විසින් පැහැරගෙන ගිය බවත් තුසිත හල්ලොලුව පොලිසියට පවසා තිබිණි.
තුසිත හල්ලොලුව සමග ඔහුගේ නිතිඥ දිනේෂ් දොඩන්ගොඩ ද ප්රහාරය එල්ලවන අවස්ථාවේ රථයේ සිට ඇත. මෙම සිදුවීමෙන් සුළු තුවාල ලැබූ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පති නියමයෙන් විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා තිබිණි.







