බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණීය තර්ජන හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සිය ධූරයෙන් ඉල්ලා අස් වේ!

by editor
මැයි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ පසුගිය 9 දා රාත්‍රී 11.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය භාගයක් පමණ කාලයක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු නිවසට කඩා වැදී ඇවිද යන ආකාරත්, ඔවුන් වෛද්‍ය සේමගේ නිදා සිටි නිදන කාමරයට එබී බලන ආකාරයත් ඔහුගේ නිවසේ සීසීටීවී පද්ධතියේ සටහන් වී ඇති ආකාරය නිරීක්ෂණයත් සමග මෙම තැතිගැන්ම ඇති වී තිබුණු බවය. මේ අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ සහ දරුවන් ද නිවසේ නිදාගෙන සිට ඇත.

මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සේමගේ 2024 ජනවාරි මාසයේදී එම තනතුරට පත් කරනු ලැබුවේය. ඔහු ඊට පෙර 2021 නොවැම්බර් සිට 2022 මැයි දක්වා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කළ ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඇති වූ මතභේද හේතුවෙන් ඉල්ලා අස් වූයේය. ඖෂධ නියාමනය යාන්ත්‍රණය නිවැරදි කිරීමටත්, අක්‍රමිකතා වැලැක්වීමටත් කටයුතු කිරීමත් සමග වෛද්‍ය සේමගේට තනතුරින් අස්වීමට බල කෙරී තිබිණි.

නැවත ඔහුව එම තනතුරේ පිහිටුවන්නේ කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්වන වෛද්‍ය රමේෂ් පතිරණය. කෙසේ වෙතත් ඖෂධ කර්මාන්තකරුවන්ගේ දැඩි විරෝධයකට ලක් වීමට වෛද්‍ය සේමගේට සිදුවිය. ඒ ඖෂධ කර්මාන්තය තුළ පැවති ඒකාධිකාරිය බිඳ දැමීම මෙන්ම සාමාන්‍යයෙන් තරඟකරුවන් අතර මිල නියම කිරීම, වෙළඳපල වෙන් කිරීම හෝ වෙනත් තරඟකාරී විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා ගිවිසුම්වලට අනුබල දීම ඔහු විසින් වළක්වා තිබිණි. ඔහු දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත චරිතයක් බවට හංවඩු ගසමින් මේ මාෆියාකරුවන්ගේ බලවත් සමාජ මාධ්‍ය ප්‍රහාරයකට ද මේ අතර වෛද්‍ය සේමගේ ලක් වූයේය.

මහජන අරමුදල් ඉතිරි කර ගැනීම සඳහා මිල නියම කිරීමේදී සහ ඒකාධිකාරයන් සහ සැපයුම්කරුවන් විසින් එකිනෙකා දැනුම්වත්ව ඔවුන්ගේ ලාභයන් උදෙසා ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බිඳ දැමීමට තමන් කටයුතු කළ බවත් ඒ ප්‍රයත්නයන්හි ප්‍රතිපල ලෙස පසුගිය සති දෙක තුන තුළ ඖෂධ නියාමන අධිකාරිය තුලත්,  ඖෂධ කර්මාන්තය තුළත් විශාල ආතතියක් ඇති වූ බව ආචාර්ය සේමගේ සන්ඩේ ටයිම්ස් ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“මම හිතන්නේ මගේ නිවසට කඩාවැදීම මාව ඉවත් කිරීමේ උත්සාහයක තර්ජනයක් කියලා.” ඔහු සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබිණි.

වෛද්‍ය සේමගේ මැදිහත් වීමෙන් පසුගිය මාස 15 තුළ, ඖෂධ නියාමන අධිකාරිය තුළ ගොඩගැසී තිබුණ ඇති ව්‍යාජ ලියාපදිංචි කිරීම් ඉවත් කර ඖෂධ සඳහා නැවත ලියාපදිංචි කිරීම් විධිමත් කරන්නට කටයුතු කෙරිනි. ඖෂධ ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කළ ව්‍යාජ ලියකියවිලි සොයා ගැනීමට ද මේ ක්‍රියාවලියේ දී ඔහුට හැකි විය. වර්ෂ 2021 දී ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සමුදාය අභිරහස් ලෙස මකා දැමූ විට හදිසියේම අවසන් වූ ඩිජිටල්කරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමටත් වෛද්‍ය සේමගේ කටයුතු කර තිබිණි. ඔහුගේ ධුර කාලය තුළ, අධිකාරිය එහි කාර්ය මණ්ඩලය දෙගුණ කළ අතර, නව ඖෂධවේදීන් 30 දෙනෙකු ඇතුළු තවත් අය බඳවා ගත්තේය. ජාතික උපදේශක කමිටුව සහ අභියාචනා කමිටුව ද ක්‍රියාත්මක කරන ලද අතර, මාර්ගෝපදේශ සමඟ මිලකරණ යාන්ත්‍රණයක් ප්‍රකාශයට පත් කරන ලදී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හල්ලොලුවට වෙඩි තැබීම – කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලීසියේ කණ්ඩායම් හතරක් එක්ව CCTV පරීක්ෂාව අරඹයි!

Next Post

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට නීතිපතිගෙන් සිවු පුද්ගල කමිටුවක්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.