සහල් මිල පාලනය සම්බන්ධව ප්රශ්නයේ දී තමන් ඉන්නේත් ජනාධිපතිවරයා සමග නමුත් සහල් මෝල් හිමියන් හුරතල් කරමින් මේ ප්රශ්නය විසඳන්නට නොහැකි බව සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.
මෙවැනි සහල් මිල ඉහළ යෑමට හේතු වී ඇත්තේ සහල් වෙළෙඳපලේ ඇති වී තිබෙන ඒකාධිකාරිය බවත් ඊට ඇති එකම විසඳුම කුඩා සහ මධ්‍ය පරිමාන සහල් නිශ්පාදකයින්ගේ සමූපකාර සමිතිය බවත් ශක්ති සහල් ලෙස යහපාලන රජය සමයේ ආරම්භ වන්නේ එය බවත් හර්ෂ ද සිල්වා කීවේය.
ඔහු පවසන්නේ මේ සැලසුම ශක්ති ලෙස භාවිතා කළ නොහැකි නම් වෙනත් නමකින් හෝ භාවිතා කරන ලෙසය. හර්ෂ ද සිල්වා පවසන්නේ මෙවැන්නකි.
ජනාධිපති තුමා. මේ සහල් කතිපයාධිකාරිය අද පටන් ගත්ත එකක් නෙමෙයි. ඔබතුමා කෘෂිකර්ම ඇමති වෙලා ඉද්දිත් මේ සහල් කතිපයාධිකාරිය තිබුණා.
ඒ නිසා ජනාධිපතිතුමා මම ඔබතුමාට අනතුරු ඇඟවීමක් කරන්නම්…
ඒ තමයි මේක හුරතල් කරන්න නම් හැකියාවක් නෑ. අපට අවශ්‍ය වෙන්නේ කතිපයාධිකාරිය බිඳින්න. ඒ කතිපයාධිකාරිය බිඳින්න නම් මොකක්ද කළ යුතු දේ.
මම දැක්කා වි ගොවියාට නිශ්පාදන වියදම අඩු කරගන්න සැපයුම් මිල අඩු කළ යුතුයි කියනවා. ඒව ඔක්කොම හරි. නමුත් මෙතන තියෙන්නේ එ් ගැටලුව නෙමෙයි. මෙතන වෙන්නේ මේ වී ටික ගත්තට පස්සේ ලොකු මෝල් හිමියො සහ තෝරා ගත් විශාල පරිමාණයේ ගොවි මහත්තුරු මේක ගබඩා කරලා තියාගෙන ඉන්නවා. මේක සැම අවුරුද්දෙම වාගේ සිද්ධ වෙනවා.
මොකද මේ දවස්වල වි කිරන්නේ නැති නිසා ගබඩාවල ඇති වි සහල් කිරීම සඳහා නිකුත් කරන්නේ යම් ප්‍රමාණයක්. ඕක තමයි ඇත්ත කතාව. ඩඩ්ලි මහත්තයා ගැන අපි කතා කළේ ඔහු තමයි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කිව්වේ අපි පාඩුවට හරි වෙළෙදපලට නිකුත් කරන්න සූදානම් කියලා.
දේශපාල භේදයකින් තොරව මේ ප්‍රශ්නයට ජනාධිපතිවරුන් තිදෙනෙක් යටතේ අපි ඉදිරිපත් වුනා. නමුත් මම කියන්නම් මේකට විසඳුම මොකක් ද කියලා. කුඩා සහ මධ්‍ය පරිමාණයේ සහල් නිශ්පාදකයින් සමූපකාරය. ඒක තමයි ශක්ති සහල් ව්‍යාපාරය. වෙළෙඳපලේ තරගය නැති නිසා තමයි මේ ප්රශ්නය මේ තරම් දුරදිග ගිහින් තියෙන්නේ.
ඔහුට ඕන නම් ශක්ති සහල් කියන එක වෙන නමකින් පටන් ගන්න පුලුවන් අවශ්‍ය නම්. නමුත් මම ඉන්නෙත් ඔබතුමාගේ පැත්තේ තමයි මේ ප්‍රශ්නෙදි.







