බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂිත ඇප ඉල්ලන්න පෙර CIDට ගිහින් කට උත්තරයක් දෙන්න… BMW වංචාවට අපේක්ෂිත ඇප ඉල්ලූ ජොනීට අභියාචනාධිකරණය දන්වයි…

by editor
ඔක්තෝබර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අපේක්ෂිත ඇපයක් ලබා දීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන්නැයි අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද නියෝග කළේය.

ඒ නිති විරෝධී සුඛෝපභෝගී මෝටර් රථයක් තමන් සන්තකයේ තබා ගැනීම පිළිබඳ චෝදනාවට තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස නියෝගක් ඉල්ලා හිටපු අමාත්‍යවරයා ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ දීය.

ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන නීත්‍යානුකූළව ලියාපදිංචි නොකර කොටස් ගෙන්වා එකලස් කර සකස් කළ බීඑම්ඩබ්ලියු රථක් කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී පසුගිය දා හමුවන්නේය.

මෙම සිද්ධියට අදාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ඇරඹුවේය. ඒ සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීම මගහරිමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු සතියකට ආසන්න කාලයක් දැන් ඉන්නේ සී.අයි.ඩි.ය මගහරිමිනි. ඔහු ඉන්න තැන් සොයා ගිය ද එම එක් ස්ථානයකින්වත් ඔහුව සොයා ගත නොහැකි වූ බව ද සී.අයි.ඩි. ය කීවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරිමින් ඉන්නා ජොන්ස්ටන් ප්‍රනාන්දු අද විමර්ශනයට අදාලව ඔහුව අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා අපේක්ෂිත ඇපයක් අභියාචනාධිකරණයෙන් අයැද සිටියේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන මොහොමඩ් ලෆාර්, පී.කුමරන් රත්නම් විනිසුරුමඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අමිල පල්ලියගේ කියා සිටියේ මෙම සිද්ධියට අදාලව පොලිසිය විසින් ප්‍රකාශ කීපයක් සටහන් කරගෙන ඇති අතර ඉන් අදාල වාහනයේ හිමිකාරිත්වය පිළිබඳව සංකීර්ණ තත්ත්වයක් මතුව තිබෙන බවය.

මේ පිළිබඳව එකිනෙකට පරස්පර කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවා දායකයා සැකකරුවෙක් ලෙස නම් කිරීම නීතියට පටහැනි බව කියා සිටියේය.

එහිදි පෙත්සම්කරු මෙම වාහනය භාවිතා කර ඇතිදැයි අධිකරණය විමසුවේය. නීතිඥවරයා සදහන් කර ඇත්තේ තම සේවාදායකයා පසුගිය මැතිවරණ සමයේ දී මෙම වාහනය භාවිතා කර තිබෙන බවය.

එවිට අධිකරණය ගරාජ් අංක තහඩුවක් සහිත වාහනයක් භාවිතා කිරීම ප්‍රශ්න සහගත බව විනිසුරු මඩුල්ල කියා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හිරන්ජන් පීරිස් පෙන්වා දුන්නේ පෙත්සම්කරු පොලිසියට ප්‍රකාශයක් ලබා දී නැති බැවින් මෙම පෙත්සම පවත්වාගෙන යෑමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවය.

පෙත්සමකරු වරදක් කර තිබෙනවා ද, එසේත් නැතිනම් නිර්දෝෂී පුද්ගලයෙක් ද යන්න පොලිසියට තීරණය කළ හැක්කේ ඔහු ප්‍රකාශයක් ලබා දුන්නොත් පමණක් බව විනිසුරු මෙහිදී මඩුල්ල පෙන්වා දුන්නේය. විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ අපේක්ෂිත ඇපයක් ලබා දීමට සලකා බැලීමට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දිය යුතු බවය.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටින බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති තුමා… සහල් ප්‍රශ්නෙදි මමත් ඉන්නේ ඔබතුමාගෙ පැත්තේ… ඒත් හුරතල් කරලා නම් වැඩේ හරියන්නෙ නෑ… හර්ෂ කියයි!

Next Post

ලලිත් – කූගන් අතුරුදහන්වීමේ නඩුවට යාපනය හැර වෙන ඕනෑම මහේස්ත්‍රාත් අධිකරණයක දී සාක්ෂි දෙන්න සූදානම්…. ගෝඨාගේ නීතිඥවරු අධිකරණයට දන්වති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.