බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලලිත් – කූගන් අතුරුදහන්වීමේ නඩුවට යාපනය හැර වෙන ඕනෑම මහේස්ත්‍රාත් අධිකරණයක දී සාක්ෂි දෙන්න සූදානම්…. ගෝඨාගේ නීතිඥවරු අධිකරණයට දන්වති!

by editor
ඔක්තෝබර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් වීම සම්බන්ධව මේ වනවිට විභාග වෙමින් පවතින නඩුවේ සාක්ෂිකරුවෙක් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි ලබා දීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර ශ්‍රී ලංකාවේ ඕනෑම මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇති බව ඔහුගේ නීතීඥ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

යාපනයේ පදිංචි ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අතුරුදන් වූ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකුගේ පවුල්වල අය විසින් ගොනු කළ පෙත්සමක් සම්බන්ධව අධිකරණයට කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරයා මගින් මේ බව දන්වා සිටියේය.

මෙම සමාජ ක්‍රියාකාරීන් අතුරුදන් වූයේ රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදීය.

2011 දෙසැම්බර් 10 වැනිදා අතුරුදහන් වූ සමාජ ක්‍රියාකාරීන්ගේ ඥාතීන් විසින් ගොනු කර ඇති හබයාස් කෝපුස් නඩුවකට සාක්ෂි දීම සඳහා 2019 සැප්තැම්බර් 27 වැනි දින පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට මීට පෙර නොතීසි නිකුත් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ එවකට ජනාධිපති අපේක්ෂකයෙක් විය. ඔහුගේ නීතීඥ කණ්ඩායම විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්‍ෂාව පිළිබඳ කරුණු දක්වමින් එම නියෝගය බල රහිත කරන ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය අධිකරණය විසින් අනුමත කරන ලදී.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ  අතර අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් වීරරාජ් සහ මුරුගානන්දන්ගේ දෙමාපියන් සහ ඥාතීන් විසින් අභියාචනයක් ගොනු කරනු ලැබූහ. මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබිනි.

විනිසුරුවරු පෙත්සම නැවත සලකා බැලීම මාර්තු 18 වැනිදාට දින නියම කළහ. අතුරුදන් වූ ක්‍රියාකාරීන්ගේ පවුල් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ පෙනී සිටියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේක්ෂිත ඇප ඉල්ලන්න පෙර CIDට ගිහින් කට උත්තරයක් දෙන්න… BMW වංචාවට අපේක්ෂිත ඇප ඉල්ලූ ජොනීට අභියාචනාධිකරණය දන්වයි…

Next Post

ඩේසි ආච්චිගේ මැණික් මල්ල මතක් වුනා… රත්තරන්ගේ බෑණා කෙනෙකුගේ නිවසේ තිබී හමුවුන සුඛෝපභෝගි රථ දෙක හිතවතෙක් ගෙනත් දැම්මලු!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.