චිනය රජය විසින් එරට විශ්ව විද්‍යාල ආචාරයවරුන් ඇතුළු ශාස්ත්රඥයින් හදිසියේම බිජිං නුවරට කැදවා මින් ඉදිරියට සිය අධ්‍යන ලිපිවලදී ටිබෙටය හැදින් වීමේදී චීනය විසින් ටිබෙටය හැදින්වීමට යොදා ගන්නා සිසැන්ග් නාමය යොදා ගන්නා ලෙසට උපදෙස් දී තිබේ.
මෙම නව ක්‍රියාමර්ගය මගින් චීනයේ සහ ටිබෙටය චීනය අත්පත් කරගැනීම සාධරණී කරණය කිරීමටත් එහි නව ප්‍රතිරෑපයක් නිර්මාණය කිරීමට අපෙක්ෂා කරයි. ටිබෙටය සම්බන්ධයෙන් බීජිං නුවර වීශේෂ සමුළුවක් සංවිධානය කිරීමට චීන රජය පියවර ගෙන තිබූ අතර එහිදී මේ බව සාකච්ඡා වී ඇත.
ටිබෙටය සම්බන්ධ ජාත්‍යන්තර කතිකාව තුළ චීනයේ ප්රමුඛ ස්ථානය තහවුරු කිරීම සඳහා, චීනයේ ස්ථාවරය නිවැරදිව විස්තර කළ හැකි පිරිදි කටයුතු කළයුතු බවටද මෙහිදී අවධාරණය කර තිබේ. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය වැන්ග් ලින්ග්පින් පෙන්වා දී ඇත්තේ ටිබෙට් යන නම භාවිතා කිරීම මගින් කලාපයේ “භූගෝලීය විෂය පථය” සම්බන්ධයෙන් “ජාත්‍යන්තර ප්‍රජාව බරපතල ලෙස නොමඟ යවා ඇති” බවයි.
වැන්ග් පැවසුවේ ඒ වෙනුවට එම කලාපය සිසැන්ග්, පින්යින් හෝ ටිබෙටය සඳහා මැන්ඩරින් වලින් යොදා ගන්නා අක්ෂර යොදා ගතයුතු බවයි. එමගින් එම කළාපයේ චීන අනන්‍යතාව ආරක්ෂාක කිරීමට හැකියාව ලැබෙන බවටද ඔහු එහිදී යොජනා කර තිබේ.
චීනය විසින් ටිබෙටය තුල දැඩි මර්ධනකාරී පිලිවෙලතක් අනුගමනය කරන අතර එහි වැසියන් අත් අඩංගුවට ගෙන දැඩි වදබන්දන වලට ලක්කිරීම් වලට ලක්වන බවට වාර්තාවේ. මේ අතර එම කළාපයේ දරුවන් හට බලහත්කාරයෙන් චීන රජයට පක්ෂපාතී පුද්ගලයින් කිරීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වේ.